IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගාසා තීරයේ අර්බුදය දික්වේ

ඊශ්‍රායලය ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන රොකට් හා ගුවන් ප්‍රහාර හේතුවෙන් ළමයින්,කාන්තාවන් සහ වයස්ගත පුද්ගලයන් විශාල පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ප්‍රහාරවලින් පුද්ගලයන් 124ට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් 1060 ක් තුවාල ලබා ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මධ්‍යම ගාසා තීරයේ අවතැන්වූවන්ගේ කඳවුරක් ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල ඉලක්කයක් වී තිබිණි. නිවාස රැසක් ද විනාශ වී ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය හා පලස්තීනය අතර විශාල අර්බුදයක් නිර්මාණ්‍ය වෙමින් පවතින බවයි. 2012 වසරට පසු ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කළ විශාලත ම ප්‍රහාරය මෙයයි.

දින හතරක දී ඊශ්‍රායල් හමුදාව එෆ්-16 හෙලිකොප්ටර් යානා හා ඩ්‍රෝන යානා යොදා ගනිමින් පලස්තීනයේ හමාස් සටන්කාමී ඉලක්ක 800 ට පමණ ප්‍රහාර එල්ලකැර ඇතැයි පැවසේ.

හමාස් සංවිධානය වසර මුල් කාලයේ ජෙරුසෙලම සහ තෙල් අවිවු ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය මේ ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි ද දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත. 1948 දී ඊශ්‍රායල් රාජ්‍යය බිහිකැරුණු අතර එහි ලක්ෂ 17ක් පමණ පලස්තීන ජාතිකයෝ ජීවත් වූහ. මේ වැසියන් වැඩි පිරිසක් දැන් එරටින් පිටව ගාසා තීරයේ ජීවත් වෙති.  ඊශ්‍රායල් රජය 1948දී නිර්මාණය වී ඇති අතර මිලියන 1.7 පමණ පලස්තීන ජාතිකයන් එහි තවමත් ජීවත් වෙයි. බොහෝ දෙනා  ඉන් පිටවී ගාසා වෙත ගොස් ජීවත් වෙති.   

 

 

 



අදහස් (0)

ගාසා තීරයේ අර්බුදය දික්වේ

මහේෂ් Saturday, 12 July 2014 04:10 PM

කාංචනා,ඔයාට මොනවද තේරෙන්නේ? (ස)

:       0       0

චමින්ද Sunday, 13 July 2014 02:39 AM

පිල්ලේ නෝනා මේවට මොනවද දන්නේ නැහැ කියන්නේ.....? මේවට කව්රුත් කතා කරන්නෙත් නැහැ. කතා කරලා වැඩකුත් නැහැ. බීරි අලින්ට වීනා ගායනා කරනවා වගෙයි. මොනවා කිව්වත් බලවතුන්ට එහෙයි කියන් ඉන්නවා නම්,මොනවා කරත්, මානව හිමිකම් කඩකිරීම් අදාළ වෙන්නේ නැහැ. (ස)

:       0       0

උපාලි Sunday, 13 July 2014 03:26 AM

අවුරුදු 30 ක් පමණ ළමුන්, සහ හාමුදුරුවරුන් පවා තෝරාගෙන මරා දැමු කොටින්ට විරුද්ධව තමන්ගේම රටේ කරපු සටනේ මානව හිමිකම් සොයන මහා එවුන්ට තව රටකට පැනල මිනි මරණ මේවා පෙනෙන්නේ නැහැ. උන්ට ඕන උන්ට අවනත නායකයෝ පමණක් ඉන්න ලෝකයක් මවන්න. මේ ක්‍රමයෙන් අපේ රට බේර ගන්න ශ්‍රී ලාංකිකයෝ වශයෙන් එකට ඉන්න ඕනේ. (ස)

:       0       0

තනූ Sunday, 13 July 2014 08:35 AM

කාංචනා ඔයා මොනවද දන්නෙ ඊශ්‍රායලය ගැන ඊශ්‍රායලයේ මිනිස්සු මිනි මරන්නෙ නැහැ මේ හැම දේකට ම වග කියන්න ඕනේ පලස්තිනුන් ඊශ්‍රායල් රටට කිසිම කෙනෙකුට අත තියන්න බැහැ (ස)

:       0       0

කාන්චනා Saturday, 12 July 2014 01:46 PM

මිනීමරුවන්ගෙන් පළවෙනියා ඊශ්‍රායලය තමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site