IMG-LOGO

ගෑස් කාන්දුවකින් තායිවානයේ පිපිරීම් රැසක්

තායිවානයේ භූගත ගෑස් නලයක කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීම්වලින් කාඕසියුම් නගරයේ මියගිය සංඛ්‍යාව 24 ක් දක්වා වැඩිවී ඇත. තුවාල ලැබූ සංඛ්‍යාව 270 අධිකය. මියගිය අය අතර ගිනි නිවන භටයන් හතර දෙනකු සිටින අතර ආපදා සේවකයන් 22 ක් තුවාල ලබා ඇතැයි ද රෝහල් ආරංචිමාර්ග පවසයි. අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව අවිනිශ්චිත බව ගිනි නිවන ඒකකයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පවසයි.

පිපිරීමෙන් ඇතිවූ ගින්න තවමත් පැතිරයමින් පවතී. ගෑස් පිපිරීම සිදුව ඇත්තේ මලාපවාහන පද්ධතියක් අතරිනි. තවමත් තැන තැන ගිනිගන්නා බව ද එරට රජය දැනුම් දී තිබේ. මේ ගින්න මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ නගර රැසකින් ගිනි නිවන සේවකයන් කැඳවා ඇත. පිපිරීමට පැය ගණනකට පෙර ගෑස්වල සුවඳ දැනී ඇතැයි විමර්ශන වාර්තාවල දැක්වේ.

බ්‍රහස්පතින්දා රාත්‍රිය පුරාම ඇතිවූ ගින්න තවමත් සම්පූර්ණයෙන් ම මැඩ පවත්වා නැත. ගින්න සමග තැන තැන පිපිරීම් ද සිදුව ඇත. පිපිරීමකට හසු වූ කාරයක් තට්ටු තට්ටු තුනක ගොඩනැගිල්ලක් මත රැඳී තිබිණි. පිපිරීමකට  හසුවූ පුද්ගලයන් දෙදෙනකුගේ පිළිස්සුනු මළ සිරුරු තට්ටු හතරක ගොඩනැගිල්ලකින් සොයාගෙන තිබිණි.

එම දිස්ත්‍රික්කයේ සියළුම පාසල් හා රජයේ කාර්යාල වසා දමා ඇතැයි තායිවාන් රජය පවසයි.

tai gas (2) tai gas (3) tai gas (4) tai gas (5) tai gas (6) tai gas (7)

 

 

 

 



අදහස් (0)

ගෑස් කාන්දුවකින් තායිවානයේ පිපිරීම් රැසක්

සංජීව Friday, 01 August 2014 07:49 AM

මෙවන් විපත් සිදු නොවේවා! තුවාල වුවන්ට ඉක්මන් සුවය ලැබේවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 39 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1583 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1705 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site