ලන්ඩන් නුවර සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දක්වා පියාසර කරමින් තිබූ ඇමරිකා ගුවන් සේවයට අයත් 109 යානය මගීන් කිහිප දෙනකු හා කාර්ය මණ්ඩලයේ පිරිසක් හදිසියේ අසනීප වීම හේතුවෙන් ආපසු ලන්ඩන් බලා පැමිණීමට තීරණය කළ බව විදෙස් පුවත් සේවා පවසයි.
යානය ගුවන්ගත කර පැය දෙකකට පමණ පසු අයිස්ලන්තයේ කෙෆ්ලැවික් ආසන්නයේදී බොහෝ පිරිසක් එක්වරම අසනීප වීම හේතුවෙන් යානයේ සිටි පිරිස බියට පත්වූ බවත් ඒ හේතුවෙන් යානය නැවත ලන්ඩන් බලා පියාසර කරවීමට ගුවන් නියමුවා තීරණය කර ඇති බවත් විදෙස් ආරංචි කියයි.
ඇමරිකන් ගුවන් සේවය ඊමේල් පණිවිඩයක් නිකුත් කරමින් පවසනුයේ මගීන් දෙදෙනකු හා යානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු සිහිනැති ගතියකින් පෙළුණු බවට පැමිණිලි ලැබුණු බවයි. බ්‍රිතාන්‍ය ඩේලි ටෙලිග්‍රාප් පුවත්පත වාර්තා කර ඇත්තේ එක් ගුවන් සේවකයකු ක්ලාන්තවී ඇති බවයි.
යානයේ සිටි පිරිස අසනීප වීමට හේතුව නිෂ්චිතව තහවුරු කරගෙන නොමැති බවත් හිස කරකැවීම හා සිහිය නැතිවීම වැනි රෝග ලක්ෂණ පෙන්වීමට ඇතැම් විට ජෙට් එන්ජිමේ දුමාරය යානය ඇතුළතට කාන්දු වීම විය හැකි බවට සැක කෙරෙන බවත් හීතෘෘ ගුවන්තොටුපළ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම යන්නේ ශ්‍රී ලංකන්. මට හොඳයි ඒක (නි)
අජිත් කියන කතාව ඇත්ත..(හේ)
ඇමරිකන් එයාර් එකේ යන්න වාසනා කරන්න ඕන ,මිනිසුන්ව තෝරන්නේ නැහැ. මුදලට වැඩිය සේවයක් ලබාදෙනවා මිනිසා මිනිසාට ආදරෙයි කරන විදිය බලාගන්න යන්න රවුමක් (බ)
සින්ගපූරු ගුවන් සේවයේ ප්ලාස්ටික් හිනා දාන, හදවතක් නැති රොබෝවරු වැනි ගුවන් සේවිකාවන්ට වඩා නම් ශ්‍රීලන්කන් එකේ අය 100 ගුණයක් හොඳයි (බ)
මා ගමන් කර ඇති අප්‍රසන්නම ගුවන් සේවාවන් වන්නේ ඇමරිකානු ගුවන් සේවායි. හොඳම ගුවන් සේවාව වන්නේ පැරණි එයාර්ලංකා ය. ඒ කාලයේ මෙම ගුවන් සේවයට බඳවා ගත්තේ ඉතාමත් සුරූපී ලඳුන්. ඒකට දැන්.....(බ)
ශ්‍රීලංකන් එකේ ලඳුන් ට කියා දෙන්න ඕනේ මිනිස්සුන්ට සලකන විදිහ. විශේෂයෙන්ම අසරණ ගෘහ සේවිකාවන්ට සලකන්නේ ඉතාම පහත් විදිහට විදේශිකයන්ට විතරයි විශේෂ සැලකිලි. (කෞ)
සමන්ත, මාගේ පළමු සහ අවසාන ශ්‍රී ලංකන් ගුවන් ගමන වුයේ 1992 වර්ෂයෙයි. ගුවන් සේවිකාවන්ගේ සැළකීම එතරම් අගනේය. (නි)
පිටිගල මහත්මයා ගුවන් සේවාවක් හොඳ වෙන්නේ සුරූපී ලඳුන් හිටියෝත්ද? (කෞ)
ඇමරිකන් එකේ ගිහින් බලන්න කොහොමද කියලා. ශ්‍රී ලංකන් එක තමයි හොඳ. ළඳුන් ගැන නෙමෙයි සැළකීමයි හොඳ (නි)
මමත් ඔය හුගක් ගුවන් යනාවල ගිහින් තියනවා.එත් ලංකාවේ අය සමහර වෙලාවට සලකන්නේ අපි එයාලගේ ගුවන් යානයේ යන්නේ පිනට කියල වගේ . ඇමෙරිකාව වගේ රටකට ඇවිල්ල බලන්න තමන්ගේ සේවාදායකයට කොහොමද සලකන්නේ කියල. (කෞ)