තම පියා අහිමිවීම සම්බන්ධයෙන් දරුවන් දෙදෙනකු මලයාසියා ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව වගකිව යුතු බව ප්‍රකාශ කරමින් එම ආයතන වලට එරෙහිව නඩු පවරා ඇත. මේ දරුවන් දෙදෙනා තවමත් 13 හැවිරිදි හා 11 හැවිරිදි වියේ පසුවෙති.
ඔවුන් පවසන්නේ ජින් ජිංග් (41) නමැති තම පියා ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා ගමන් කරමින් සිටිය දී අතුරුදන්වූ එම්.එච්. 370 යානයේ ගමන් කළ බවයි. මලයිසියාව ඕස්ට්‍රේලියාව සහ චීනය ඒකාබද්ධව දකුණු දිග ඉන්දියානු ගැඹුරු මුහුදේ යානය සෙවිමේ කටයුතු කළ බැවින් යානය විනාශ වී ඇති බව බලධාරින්ගේ විශ්වාසය බවත් දරුවන් දෙදෙනා පවසයි.
නඩු පවරමින් පැමිණිලි පාර්ශවය දක්වා ඇත්තේ ගුවන් සමාගම විසින් ආරක්ෂා සහිතව ගුවන් යානය පියාසර කොට බීජිං හි ගුවන් පථයට ගොඩබෑම යන ගිවිසුම කඩකර ඇති බවයි. තවදුරටත් පැමිණිලිකරුවන් දක්වා ඇත්තේ අතුරුදන් ගුවන් යානය සමග නැවත සම්බන්ධවීමට හෝ එය නියමිත කාලයකදී සොයා ගැනීමට බලධාරීන් අපොහොසත් වි ඇති බවයි.
ව්‍යාජ බලපත්‍ර ඉදිරිපත් කරමින් යානයේ ඉරාන ජාතිකයන් දෙදෙනකු ගමන් කළ බවට තොරතුරු ඇතත් ඔවුන් නිසි පරිදි හඳුනාගැනීමට ගුවන් ආගමන බලධාරන් අපොහොසත් වීම ද ගැටළුවක් බව දරුවන්ගේ මව නැං පර්ල් මිංග් කියන්නීය.
මලයාසියා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂකවරයා වන අසුරුඩීන් අබ්දුල් රහමන් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ නඩුව ගැන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මගින් දැනගත් බවත් තවමත් නිළ වශයෙන් ඒ ගැන දැන්වීමක් ලැබි නොමැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම සාධාරණයි. නියම කොල්ලො දෙන්නෙක්. (නි)