බි‍්‍රතාන්‍යය ජාතික අභ්‍යාවකාශගාමිී ටිම් පීක් පසුගියදා පැවැති ලන්ඩන් මැරතන් තරගයට සහභාගී විය.නමුත් ඒ පෘථිවියේ සිට නොව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටය.
ලන්ඩන් මැරතන් තරගයේ දසුන් නරඹමින් ඔහුද පෘථිවියේ සිටි තරගකරුවන් හා හරි හරියට දිව්වේය.ඔහු දිවීමට යොදාගත්තේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබූ එක තැන දිවීම සදහා සකස් කර ඇති ව්‍යායාම උපකරණයක්ය.
ඉඟ පෙදෙසේ බදින ලද පටියකින් ව්‍යායාම උපකරණයට තමන්ව බැඳ තබාගැනීමට ටිම් කටයුතු කළේය.
පෘථිවියේ ධාවකයින් සමග තරගකළ ඔහුට තරගය නිමා කිරීමට පැය තුනකුත් විනාඩි 35 ක හා තත්ත්පර 21 ක කාලයක් ගතවිය.
අභ්‍යාවකාශගාමියකු අභ්‍යාවකාශයේ සිට මැරතන් තරගයකට එක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.2007 වසරේ ඇමරිකාවේ බොස්ටන් මැරතන් තරගාවලිය අතරතුරදී අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි නාසා ආයතනයේ අභ්‍යාවකාශගාමිනිය වූ සුනිටා විලියම්ස්ද ටිම් පීක් හා සමාන උපක‍්‍රම භාවිතා කරමින් එයට සහභාගී වූවාය.
තරගය අවසානයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ ටිම් එහි සඳහන් කර තිබුණේ දැන් නම් තමන්ට හොදින් නින්ද යනු ඇති බවය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd