IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ගුවනේ සිට මැරතන් දුවයි

බි‍්‍රතාන්‍යය ජාතික අභ්‍යාවකාශගාමිී ටිම් පීක් පසුගියදා පැවැති ලන්ඩන් මැරතන් තරගයට සහභාගී විය.නමුත් ඒ පෘථිවියේ සිට නොව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටය.

ලන්ඩන් මැරතන් තරගයේ දසුන් නරඹමින් ඔහුද පෘථිවියේ සිටි තරගකරුවන් හා හරි හරියට දිව්වේය.ඔහු දිවීමට යොදාගත්තේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තිබූ එක තැන දිවීම සදහා සකස් කර ඇති ව්‍යායාම උපකරණයක්ය.

ඉඟ පෙදෙසේ බදින ලද පටියකින් ව්‍යායාම උපකරණයට තමන්ව බැඳ තබාගැනීමට ටිම් කටයුතු කළේය.

පෘථිවියේ ධාවකයින් සමග තරගකළ ඔහුට තරගය නිමා කිරීමට පැය තුනකුත් විනාඩි 35 ක හා තත්ත්පර 21 ක කාලයක් ගතවිය.

අභ්‍යාවකාශගාමියකු අභ්‍යාවකාශයේ සිට මැරතන් තරගයකට එක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.2007 වසරේ ඇමරිකාවේ බොස්ටන් මැරතන් තරගාවලිය අතරතුරදී අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි නාසා ආයතනයේ අභ්‍යාවකාශගාමිනිය වූ සුනිටා විලියම්ස්ද ටිම් පීක් හා සමාන උපක‍්‍රම භාවිතා කරමින් එයට සහභාගී වූවාය.

තරගය අවසානයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ ටිම් එහි සඳහන් කර තිබුණේ දැන් නම් තමන්ට හොදින් නින්ද යනු ඇති බවය

LMARSPAC-0425-01

 



අදහස් (0)

ගුවනේ සිට මැරතන් දුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site