ගුවන් යානයක යැයි සිතිය හැකි කොටසක් තායිලන්තයේ දකුණු වෙරළ තීරයේ තිබී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අඩි නමයක් හා හතක් දිග පළලින් යුතු මේ කැබැල්ල අදින් වසර දෙකකට පමණ පෙර අතුරුදන් වූ මලයාසියා එම්.එච්. 370 යානයේ විය හැකියැයි ද තායි වෙරළ ආරක්ෂක ඒකකය පවසයි.

එසේ වුව ද එය එම්.එච්. 370 යානයේ බවට නිල ප්‍ර‍කාශයක් කිසිවෙකු විසින් ඉදිරිපත් කර නැත. එම යානය මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චිනයේ බිජිං දක්වා පියාසර කරමින් තිබිය දී අතුරුදන් වූයේ 2014 මාර්තු මස 08 දින දී ය.

යානය ඉන්දියන් සාගරයට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කරමින් දීර්ඝ පරීක්ෂණ දියත් වුව ද මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් හමුවී නැත. එම යානයේ බවට සැකකරන කොටස් කිහිපයක් ස්ථාන කිහිපයකින් ලැබුණ ද ඒවා ස්ථිරවම තහවුරු කරගෙන නැත.

s3.reutersmedia.net - Copy