
මීයකු නිසා, ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදුවුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
ගුවන් යානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර සිට ස්පාඤ්ඤයේ මලාගා තෙක් පියාසර කරමින් තිබුණි. එක් මගියකුට ලැබුණු ආහාර අතරේ මෙම මීයා සිටි බව පැවැසෙයි. මීයා සිටියේ පණ පිටිනි.
මීයා දැක එම ගුවන් මගියා කෑ ගැසීමත් සමඟ ගුවන් යානයේ කලබලයක් හටගත්තේය.
ගුවන් සේවිකාවන් සිද්ධිය සම්බන්ධයෙන් යානයේ නියමුවන් දැනුම් කිරීමෙන් පසු, නියමුවන් ගුවන් යානය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් ගුවන්තොටුපොළට ගොඩබෑමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුවන් යානයේ මීයෙක්