
මීයකු නිසා, ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදුවුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
ගුවන් යානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර සිට ස්පාඤ්ඤයේ මලාගා තෙක් පියාසර කරමින් තිබුණි. එක් මගියකුට ලැබුණු ආහාර අතරේ මෙම මීයා සිටි බව පැවැසෙයි. මීයා සිටියේ පණ පිටිනි.
මීයා දැක එම ගුවන් මගියා කෑ ගැසීමත් සමඟ ගුවන් යානයේ කලබලයක් හටගත්තේය.
ගුවන් සේවිකාවන් සිද්ධිය සම්බන්ධයෙන් යානයේ නියමුවන් දැනුම් කිරීමෙන් පසු, නියමුවන් ගුවන් යානය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් ගුවන්තොටුපොළට ගොඩබෑමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd