මගීන් 165 දෙනෙකු රැගත් ‘එයාර්බස් ඒ 320‘ වර්ගයේ ගුවන් යනාවක් ලන්ඩන් හිතෘ ගුවන් තොටුපලට ගොඩබෑමට සුදානම් වන විට ඩ්‍රෝන් යනාවක ගැටීමට ගිය බව වාර්තා වෙයි.
ඩ්‍රෝන් යානාව අඩි 60ක් පමණ ආසන්නයට පැමිණි බවත් ඉන්පසු ඉක්මණින් ක්‍රියාත්මක වී අනතුර වළක්වාගත් බවත් ගුවන් නියමුවා මාධ්‍යයට පැවසීය.
මෙම අනතුර සිදුවූයේනම් ගුවන් මගීන් මෙන්ම ගුවන්තොටුපල ප්‍රදේශවාසීන් ද අනතුරට පත්වනු ඇතැයි විශ්ලේෂකයෝ කියති.
මාස හයක් තුළ එංගලන්තයෙන් මෙවැනි සිදුවීම් 33ක් වාර්තා වී ඇති බවත් මේ නිසා ඩ්‍රෝන් යනාවලට පියාසර කළ හැකි උපරිම උසක් තීරණය කර එය නීති ගත කළයුතු බව විචාරකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd