ඇෆ්ගන්ස්ථානයේ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් තිදෙනෙක් ඇතුළු ළමයින් 10 දෙනෙක් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවාව වාර්තා කරයි.
මෙම ගුවන් ප්‍රහාරය පසුගිය සෙනසුරාදා එල්ල කළ ගුවන් ප්‍රහාරයේම කොටසක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසුවේය.
ඇෆ්ගනිස්තානයේ උතුරුදිග කුන්දූස් පළාතේදී මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් තිදෙනෙක් තුවාල ලබා ඇත.
ප්‍රහාරයෙන් මියගිය දරුවන් යුද්ධයෙන් අවතැන් වී සිටි පවුල් තුනක දරුවෝ වෙති.
ගුවන් ප්‍රහාර වලින් සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් පසුගිය වර්ෂයේ ඇෆ්ගන්ථාන වැසියන් විශාල ප්‍රමාණයක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේය.
2014 වර්ෂයේ සිට සෑම වසරකම ගුවන් ප්‍රහාරවලින් මියගිය ළමයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
වසර 17ක් පුරා පැවති ඇෆ්ගනිස්ථාන් යුද්ධය නිමා කිරීමට එක්සත් ජනපදය සමඟ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
(රොයිටර් පුවත් ඇසුරෙනි 63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd