රේඩියෝ තරංග පවා ග‍්‍රහණය කර ගැනීමේ සමත් අධිසංවේදී ක්‍රෘතිම ‘‘කනක්’’ නිපදවීමට ප‍්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.
මේ ක්‍රෘතිම කණ සැබෑ මිනිස් කණකට පෙනුමෙන් සෑම අතින්ම සමාන අතර වෙනසකට ඇත්තේ කන් බෙරය හා ශ‍්‍රවණ අස්ථිකා වැනි ශබ්දය හදුනාගැනීමට ස්වභාවදර්මයා විසින් නිර්මාණය කළ අංගයන් ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය ආධාරයෙන් කෘතිමව නිපදවා තිබීමයි.
තාක්ෂණය ඕනෑ පරිදි හැසිරවීමට ඇති හැකියාව ප‍්‍රයෝජනයට ගෙන පර්යේෂකයන් පිරිස මේ කණට සාමාන්‍ය මිනිස් කනට හදුනාගත නොහැකි රේඩියෝ තරංග පවා හදුනාගැනීමේ හැකියාවද ලබා දී ඇත.
මේ නිර්මාණයේ අරමුණ ශ‍්‍රවණ ආබාධ ඇති අයට පිළියම් ලබා දීම බව පර්යේෂකයන් පිරිස පවසයි.
ස්වභාවධර්මයා ලබා දුන් හැකියාවන්ගෙන් ඔබ්බට ගිය මෙවන් උපාංග චිත‍්‍රපට වල දැකිය හැකි සුපිරි මිනිසුන්ගේ හැකියාවන් සැබෑ ලෝකයේ මිනිසුන්ටද ලබා දෙන දිනය වැඩි ඈතක නොවන බවට විචාරකයන් මත පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd