IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගුවන් අනතුරට හේතුව ප්‍රධාන නියමුවාද?

ඉන්දියාවේ සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට ගුවන්ගත වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ.අයි. 171 බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් මගී ගුවන් යානය අනතුරට පත් වූයේ, එහි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ සුමිත් සබර්වාල් යානයේ ඇන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු කරන ස්විච වසන්ධි කිරීම නිසා යැයි විමර්ශනවලින් අනාවරණය වී ඇති බව, ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර ඇත.

ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ සුමිත් සබර්වාල් සහ යානයේ සහාය නියමුවා ලෙස කටයුතු ක්ලීව් කුන්දර් එයාර් ඉන්දියා ගුවන් සේවයේ පළපුදුරු ගුවන් නියමුවන් දෙදෙනෙකි.

සුමිත් සබර්වාල් ඇන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු කරන ස්විච වසන්ධි කර ඇති බව දැක සහාය නියමුවා ලෙස කටයුතු ක්ලීව් කුන්දර් කලකබලයට පත් වී ඒ ගැන ප්‍රධාන නියමුවාගෙන් ප්‍රශ්න කර ඇති බව ගුවන් යානයේ කළු පෙට්ටියේ පටිගත වී ඇති නියමු කුටියේ හඬපට වලින් මේ වනවිට අනාවරණය වී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වැඩි දුරටත් පවසා තිබේ.

ප්‍රධාන නියමු සුමිත් සබර්වාල් එසේ හිතාමතා ඇන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු කරන ස්විච වසන්ධි කළේ නම් ඔහු එසේ කළේ ඇයිදැයි යන්න සෙවීමට ද විමර්ශන ආරම්භ වී ඇත.

ඉන්දීය ගුවන් නියමුවන්ගේ සංගමය, ප්‍රධාන නියමු සුමිත් සබර්වාල්ට එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේක කරමින් පවසා ඇත්තේ, ගුවන් අනතුර සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් කඩිනමින් පැවැත්විය යුතු බවය.

එයාර් ඉන්දියා ගුවන් යානය, පසුගිය ජූනි 12 වැනිදා කඩා වැටුණේ, ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහමදාබාද් නුවර සර්දාර් වල්ලභබායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගතවෙද්දීය. 

අනතුරට පත් වෙද්දී යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 242 කි. යානය එංගලන්තයේ ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට නියමිතව තිබුණි.

යානයේ සිටි එක් මගියෙක් හාස්කමකින් දිවි ගලවා ගත්තේය.

යානය කඩා වැටුණේ වෛද්‍ය සිසුන්ගේ නේවාසිකාගාරයක් මතටය. බිම සිටි බොහෝ දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වුණු අතර මරණ 260 පසු කළේය. මෙය මෑත කාලයේ සිදුවුණු බිහිසුණු ගුවන් අනතුරක් ලෙස සැලකෙයි.



අදහස් (4)

ගුවන් අනතුරට හේතුව ප්‍රධාන නියමුවාද?

Perakum Liyanagama Thursday, 17 July 2025 08:15 PM

එයා ඉන්ඩියා ගුවන් නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් බව සහ අහංකාර මානසිකත්වය කලක පටන් දක්නට ලැබෙන සුලබ අත්දැකීමකි. මෙවැනි දේ සිදුවීම විමතියට කරුණක් නොවේ..

:       1       46

Kumar Thursday, 17 July 2025 11:15 PM

කාර්ය මණ්ඩලයට දොස් පැවරීම සාමාන්‍ය දෙයකි. ගුවන් යානය ගුවනට ගිය තත්පර කිහිපයකට පසු සහකාර නියමුවා එන්ජින් වලට ඉන්ධන වසා දැමූ බව යෝජනා කෙරේ. එය සියදිවි නසා ගැනීමක් වැනිය. කාර්ය මණ්ඩල හඬ පටිගත කිරීමේ යන්ත්‍රයට අනතුරු ඇඟවීමේ බීප් හඬ ඇසුණාද?

:       0       2

Perera Thursday, 17 July 2025 11:46 PM

මැරුණු මිනිස්සු පිට වරද පැටවීම බොහොම පහසුයි.

:       0       4

ගුණරත්න Friday, 18 July 2025 07:40 AM

ඒ මනුස්සයා විශ්‍රාම යාමට හිටි කෙනෙක්, දිග කාලයක් සේවය කරලා විශ්‍රාම යන්න හදනකොට මානසික අවපීඩනය හැදෙනවා. අපරාදේ මිනිස්සු සිය ගානක ජීවිත. කෝටි දහස් ගානක් යන්ත්‍ර වලට යොදනකොට කෝටියක් දෙකක් මානසික සෞඛ්‍ය සඳහාත් යෙදෙව්වා නම් හොඳයි

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 437 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16864 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site