ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංගාවන් දෙගොඩතලා යෑමෙන් ඇමරිකාවේ දකුණු දිග ප්‍රාන්ත කිපයකට දැඩි ගංවතුර තත්වයක් ඇතිවි තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ටෙක්සාස් සහ ඔක්ලහෝමා ප්‍රාන්ත වලට ගංවතුර තත්ත්වය දැඩි ලෙස බලපා ඇත.
කාලගුණය හේතුවෙන් වු අනතුරු වලින් ඔක්ලහෝමාහි පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර ටෙක්සාස්හි සැන් මාර්කොස් හි තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.
ටෙක්සාස් කොටසකට පසුගිය පැය විසිහතර තුල සෙන්ටිමීටර් 25 ක වර්ෂාපතනයක් ලැබි තිබේ.
ගංගා ඉවුරු කඩාගෙන යාම හේතුවෙන් විපතට පත් පුද්ගලයන් ගණනාවක් සහන සේවකයන් විසින් ගලවා ගෙන ඇති අතර නිවාස සිය ගණනක් මධ්‍යම ටෙක්සාස් හි විනාශ වි ගොස් ඇතැයි සහන සේවකයෝ ම කියති.
කොලරාඩෝ සිට ආර්කන්සාස්, ලුවිසියානා, මිසුරි සහ නැගෙනහිර කැන්සාන් දක්වා අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
ටෙක්සාස්හි වැඩිවශයෙන්ම ගංවතුර තත්වයක් ඇතිවි තිබෙන්නේ බ්ලැන්කෝ ගංගාව උතුරා යෑමෙනි.
අඩි 30 න් ඉහළ ගංවතුර තත්වය ඇති විය හැකි බවට සලකුනු කරණ ලද ස්ථාන වලට ඉහලින් අඩි 43 ක් දක්වා ගංවතුර ඉහළ ගොස් තිබේ. 1929 වාර්තා වු අගයට වඩා මෙවර අඩි 7 ක ඉහළ අගයක් ගෙන තිබේ.
ගංවතුර තත්වයන් හේතුවෙන් ගං ඉවුරු ආසන්නයේ පදිංචිකරුවන්ගේ ජීවිත අවදානම් තත්වයක් හටගෙන ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇත. ප්‍රාන්ත හරහා වැටී ඇති 35 අධිවේගි මාර්ගය ගංවතුර හේතුවෙන් වසා දැමිණි. මාර්ගය අවට වෙසෙන 1000 ක් පමන දෙනා එම ස්තානවලින් ඉවත් කරනු ලැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාපොරොත්තු වියයුතු තත්වයක්. වසර 10000කට පසු සිදුවීමට නියමිත පාරිසරික ක්‍රියාවලිය මිනිස් වර්ගයා විසින් ඉක්මනින් ළඟාකර ගැනීමේ ප්‍රතිඵලයි මේ. (නි)