IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


ගංවතුර හා නායයෑම් හේතුවෙන් ජපානයේ 15ක් මරුට

අධික වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් ජපානයේ දකුණු දිග කියුෂු දූපතේ 15 දෙනකු මියගොස් 09 දෙනකු අතුරුදන්ව තිබේ.

සාත්තු නිවාසයක් ගංවතුරට යටවීමෙන් 14දෙනකු මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා නාය යෑමකට හසුවී මියගොස් ඇත.

 කුමාමොටෝ සහ කගොෂිමා ප්‍රාන්ත වලට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි හානි සිදුවී තිබේ.

දූපතේ 200,000කට වැඩි පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට නියෝග දී ඇති බව බලධාරීහු පවසති.

කුමා ගඟ හරහා තිබූ පාලමක් ගසාගෙන ගොස් ඇති අතර නිවාස සහ රථ වාහන ජලයෙන් යටවී ඇති බව වාර්තා කර තිබේ.

කාළගුණ විද්‍යා අංශ පවසන්නේ තද වැසි තවත් දින කිහිපයක් පවතිනු ඇති බවයි.  මෙවැනි වර්ෂාපතනයක් මීට පෙර කිසිදිනක කළාපයේ ඇතිවී නොමැති බව ද ඔවුහු පවසති.

අනතුරුදායක තත්ත්වය පහව යන තුරු උපරිම විමසිල්ලෙන් සිටින ලෙස අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජනතාවගෙන් ඉල්ලා ඇත.




(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ගංවතුර හා නායයෑම් හේතුවෙන් ජපානයේ 15ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 331 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 614 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site