ග්වාතමාලාවේ විරෝධතාකරුවන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව පිහිටි කොන්ග්‍රස් ගොඩනැගිල්ලට ගිනිතබා ඇතැයි වාර්තා වේ.
වහාම ක්‍රියාත්මක වූ ගිනිනිවීමේ හමුදාව ගින්න නිවා දමා ඇත. කාර්යාලයක් ගින්නෙන් විනාශ වී ඇති බවත් හානියේ ප්‍රමාණය තක්සේරුකර නොමැති බවත් ඔවුහු පවසති.
කිසිවකුට තුවාල සිදුවී නොමැති නමුත් දුම ආශ්වාස වීම හේතුවෙන් කිහිපදෙනකු රෝහල් ගතකළ බව පැවසේ.
මධ්‍යම ඇමරිකානු රටක් වන ග්වාතමාලාවේ, පාර්ලිමේන්තුව විසින් අනුමත කළ අයවැයට විරෝධය පලකරමින් ජනතාව කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය පවසයි.
අයවැයෙන් රජයේ සම්බන්දතා ඇති සමාගම් වල ව්‍යාපෘති වලට ප්‍රමුඛත්වය දී ඇති බවත් කොවිඩ් - 19 වසංගතය මර්ධනයට වෙන්කර ඇත්තේ අඩු මුදලක් බවත් විපක්ෂය පවසයි.
ඔවුන් පවසන්නේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් විශාල වශයෙන් කපාහැර ඇති බවයි.
ජනාධිපති අලෙමැන්ඩ්‍රෝ ජියාමත්තෙයි ඉල්ලා අස්විය යුතු යැයි ද විරෝධතාකරුවෝ පැවසූහ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්වාතමාලා විරෝධතාකරුවෝ කොන්ග්‍රස් ගොඩනැගිලට ගිනි තබති