ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය සහ තාක්ෂණය වඩාත් සමීපව නියාමනය කළ යුතු බව පවසමින් රටවල් 75ක අමාත්‍යවරුන් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.  

මේ අනුව එම සාකච්ඡාවලදී විද්‍යුත් වෙළෙඳාම සහ වේගයෙන් වර්ධනය තාක්ෂණය ජාත්‍යන්තර වශයෙන් නියාමනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. 

යුරෝපා සංගමයේ වෙළෙඳ කොමිසමේ ප්‍රධානී සිසිලියා මැල්ම්ස්ට්‍රෝම් විසින් ඒ බව නිවේදනය කරනු ලැබිණි. ඇය ඒ බව සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරවාරයේදීය. 

එම සාකච්ඡාවලට ලොව විශාලතම ආර්ථිකයන් දෙකට හිමිකම් කියන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය ද එක්වීමට නියමිතය. 

ඇමෙරිකාව සහ චීනය වෙළෙඳ යුද්ධයක සිරවී සිටින මොහොතක, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් බහුපාර්ශවීත්වයට දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් තිබෙන අවස්ථාවක ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත මේ සාකච්ඡා ජාත්‍යන්තර ජයග්‍රහණයකි. 

විශේෂයෙන්ම ලෝක වෙළෙඳ සංවිධානය චීනයට ප්‍රතිලාභ අත්පත් කර දීම සඳහා ඇමෙරිකාවට විරුද්ධව කටයුතු කරන බවට ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම චෝදනා කළේය. 

සිසිලියා මැල්ම්ස්ට්‍රෝම් මෙම සාකච්ඡා පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලද්දේ ට්විටර් පණිවුඩයක් නිකු-ත් කරමිනි. “ඩාවෝස් නුවර ඓතිහාසික උදෑසනක්” ඇය සඳහන් සඳහන් කර තිබිණි. එමඟින් 21 සියවසේ අභියෝග බාරගැනීමට ලෝක වෙළෙඳ සංවිධානයට හැකියාව තිබෙන පෙන්නුම් කරන බව ද ඇය සඳහන් කර තිබිණි.

“විද්‍යුත් වාණිජය අද ලෝකයේ හැම තැනකම තියෙනවා. ඒ නිසා අපි අපේ පුරවැසියන්ට සහ සමාගම්වලට වෙළෙඳාම් කිරීමට පලදායී සහ ආරක්ෂාකාරී අන්තර්ජාල පරිසරයක් සැපයිය” යුතු යැයි ද ඇය කීවාය. 

ලබන මාර්තු මාසයේදී මේ සාකච්ඡා ආරම්භ වීමට නියමිතය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055