
‘ගෝල්ඩන් ග්ලෝබ්’ සිනමා රූපවාහිනී සම්මාන උළෙල පැවැත්වුණු අතර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මාන උළෙල ඇමතුවේය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එහිදී සම්මාන උළෙලට රැස්ව සිටි කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ට ප්‍රතිඥා දුන්නේ, රුසියන් යුක්රේන අර්බුදය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දිග් ගැස්සීමට කිසිසේත් ඉඩ නොදෙන බවය.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙසේ ප්‍රතිඥා දුන්නේ, යුක්රේනයට එරෙහිව සිදු කරන ප්‍රහාර ත්‍රීව කිරීමට තමන් සූදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීමත් සමඟය. රුසියන් ජනාධිපතිවරයා මෙසේ තීරණය කළේ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd