ගෝලාන් කඳුකරය ඊශ්‍රායලයේ කොටසක් ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව කලාපයේ රටවල් එකමුතු විය යුතු යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී මහතා පැවැසීය.
 
ඉරාක අගමැති අදෙල් අබ්දුල් මහ්දි මහතාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ඉරාන ජනාධිපතිවරයා ඒ බව පැවසීය.  
 
“සියෝනිස්ට් (යුදෙව්) රෙජීමයේ වුවමනා සීමාව ඉක්මවා යමින් තිබෙනවා. ඇමෙරිකාව වැරදි තීන්දු තීරණ ගනිමින් සිටිනවා. මේ නිසා කලාපයේ රටවල් අතර සහයෝගීතාව අවශ්‍ය වී තිබෙනවා” යැයි ඉරාන ජනාධිපතිවරයා කීවේය. 
 
ගෝලාන් කඳුකරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ද ඉරාන ජනාධිපතිවරයා කීය. 
 
(රොයිටර් ඇසුරිනි)
 
055