වෙස්මාරු කර ගැනීමේ අති දක්ෂයන්වන මේ නිශාචර කුරුල්ලන් ගල් බැම්මේ සැඟවී සිටින ආකාරය විස්මිතය. ඔවුන් මෙසේ නිසොල්මනේ සැඟවී සිටින්නේ තම උදෑසන ආහාරය සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.
වනජීවී ඡායාරූප ශිල්පී ජිම් ගේ කැමරා ඇසෙන් සැඟවී සිටින්නට මේ බකමූණන්ට නොහැකි විය. ඔහු මේ දර්ශන ඡායාරූපයට නගා ඇත්තේ ඩර්බිෂෙයර් හි කැට්ස්වර්න් නම් පෙදෙසේ දී ය. මේ සතුන් අදෘෂ්‍යමානව සිටීමට ගල් බැම්මේ හා ගස් කඳන්වල අඳුරු ස්ථාන තෝරාගනියි. මොවුන්ගේ ආහාර වන්නේ පණුවන්, මීයන් හා ඇතැම්විට කුඩා කුරුල්ලන්ය.
සැඟවී සිටින මේ කුරුල්ලන් දැන් තමාට බිය නැතැයි ද ජිම් පවසයි. ඔවුන් ඡායාරූපයට නැගීමට නිතර මෙහි එන ජිම් කුරුල්න්ට දැනු පුරුදු දසුනක් වන බැවින් එසේ බිය පහව යන්නට ඇත.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපෙර් ෆොටෝස්. ස්භාදහම ලස්සනය (අ)
පරිසරය අනුව වෙස් මාරුකරගන්න සත්තුන්ට පරිසරය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන.. පරිසරයේ ජීවත් වෙන නිසා ඒ සත්තු පරිසරයේම අංගයක් විදියටම පේනවා. මිනිසාට පරිසරයේ අංගයක් වෙන්නට බැරිවෙලා තියෙනවා දැන්. (අ)
සොබාදහමේ තියන අපුරුම පැත්තක් මේ. (දී)