
ග්‍රීසියේ ඇතන්ස් අගනුවරට උතුරු දෙසින්, ළැව් ගිනි පැතිරෙයි. ළැව් ගිනි හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බව පැවැසෙයි.
දැඩි වියලි කාලගුණය සහ වියලි සුළං ළැව් ගිනි පැතිරීම වේගවත් කර ඇති බැවින්, ගිනි නිවන භටයන්ට එය පාලනය කිරීම ගැටලුවක් බව පැවැසෙයි.
ළැව් ගිනිවලින් දැඩි හානි සිදුවී ඇත්තේ වර්ණවාස් නමැති කඳුකර ගම්මානයයි. මෙම ගම්මානය ඇත්තේ ඇතන්ස් අගනුවර සිට කිලෝ මීටර් 35 ක් දුරිනි.
ළැව් ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයන් 400 දෙනකු යොදවා ඇතැයි ද පැවැසෙයි.
ඉහළ සිට වතුර ඉසීමට හෙලිකොප්ටර් යානා 13 ක් යොදවා ඇත. ළැව් ගිනි දුම්රාය දසත පැතිර ඇති බවත් වර්ණවාස් ගම්මානයට ඉහළින් අහස තැඹිලි පැහැයක් ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ගිනි නිවන භටයන් මැදිහත් වී වර්ණවාස් ගම්මානයේ වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව පැවැසෙයි. වර්ණවාස් ගම්මානයේ සිටි වැසියන් ගණන 1,800 කි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රීසියේ ළැව් ගිනි දරුණුයි