ණය අර්බුදයෙන් මිදීමට අන්තර් ජාතික ණයහිමියන් සමඟ සාධාරණ ණය ගිවිසුමකට එක් වෙනවාද නැද්ද යන්න ගැන පෙරේදා (06) ග්‍රීසියේ ජනමත විමසුමක් පැවැති අතර, සාධාරණ ණය ගිවිසුමකට එක් නොවීමට ග්‍රීක වැසියෝ කැමැත්ත පළ කළහ.

සියයට 60 කට වඩා වැඩි පිරිසක් ණය ගිවිසුමට අකමැත්ත පළ කළ බව ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් අනාවරණය වී තිබේ. ඒ අනුව, ග්‍රීසියට යුරෝපා සංගමයෙන් මෙන්ම යුරෝපා කලාපයෙන් ද ඉවත් වීමට සිදුවනු ඇතැයි කියති. ණය ගිවිසුමට කැමැත්ත පළ කළේ නම්, සහන පොළියට ආර්ථීක සහාය ණයක් ලබාගැනීමට ග්‍රීසියට හැකියාව තිබුණැයි ආර්ථීක විශේෂඥයෝ පෙන්වා දෙති.

ඇතැන්ස්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)