ග්‍රීසියේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය ලෙස 63හැවිරිදි එකටරිනි සකෙල්ලරොපොව්ලොව් මහත්මිය තේරී පත්වී ඇත.

සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාද් අපාධිය ලබාගෙන ඇති ඇය පාරිසරික හා ව්‍යවස්ථාමය නීතිය පිළිබඳ විශේෂඥවරියක වන අතර ජ්‍යේෂ්ඨ විනිසුරුවරියක් ද වේ. ඇගේ පියා ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි.

එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 294දෙනාගෙන් 261දෙනකු ඇයට මනාපය පලකර ඇත. මෙය ග්‍රීසියේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලෙස සඳහන් වේ.

ඇය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා වූ පළමු කාන්තාව ද වූවාය.

කෙසේවුවද සකෙල්ලපොව්ලොව් මහත්මිය දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන බව සඳහන් වේ.

(ඒඑෆ්පී ඇසුරිණි - 085)