ග්‍රීන්ලන්තය කිසිදිනක විකුණා දැමීමට අදහසක් නැතැයි එහි බලධාරීහු පවසති. ලෝකයේ විශාලම දූපත වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ඇමරිකාව කැමැත්තෙන් සිටින බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කිරීම හේතුවෙන් ග්‍රීන්ලන්ත බලධාරීන්ට එලෙස පැවසීමට සිදුවී ඇත.
ඩෙන්මාර්කයට අයත් මෙම ස්වාධීන භූමි ප්‍රදේශය මිලදී ගැනීමේ අදහස සම්බන්ධව උපදේශකයන් සමඟ සාකච්ඡා කළ බව ජනපති ට්‍රම්ප් මහතා පවසයි.
කෙසේ වුවද මෙම අදහස ප්‍රතික්ෂේප කරමින් ග්‍රීන්ලන්ත රජය පවසා ඇත්තේ තම දේශය ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කර ඇති නමුත් විකුණන්නේ නැති බවයි.
ඇමරිකානු ජනපතිවරයාගේ අදහස මෝඩ විහිළුවක් බව ඩෙන්මාර්ක් අගමැති ලාස් ලොක්කේ මහතා ද ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිළුවක් නොවේ. මෝඩ ප්‍රකාශයක්. එයා හැර ලෝකේ ඉන්න හැමදෙනාම දන්නවා මෝඩයෙක් කියලා. කොහොම වුණත් පරිස්සමෙන්. මොකද පිස්සන්ට වැට කඩොලු නැත.
සීතල දූපතක් ගන්නවා වෙනුවට ලංකාව වගේ දුපතක් ගත්තොත් නරකද ට්‍රම්ප්තුමනි..