ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම මෙම වසරේ දී වාර්තාගත ලෙස වැඩිවී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.
එම හේතුවෙන් ලෝකයේ මුහුදු මට්ටම මිලිමීටරයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ඔවුහු පවසති.
ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව බ්‍රිතාන්‍යයේ භූමි ප්‍රමාණය මෙන් හත් ගුණයකින් විශාල වන අතර කිලෝමීටර් 2-3ක ඝනකමින් යුක්ත වේ.
මෙහි මිදුණු ජලය ගබඩා වී ඇති අතර සම්පූර්ණ අයිස් තට්ටුවම දියවී ගියහොත් මුහුදු මට්ටම මීටර් 7කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.
මුහුදු මට්ටම ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ යෑම පවා පහත් භූමි ප්‍රදේශ සහිත රටවල් වලට බරපතල ගැටලු ඇති කරන බවත් ලෝකයේ මිලියන ගණනක් ජනතාව එයින් පීඩාවට පත්වෙනු ඇති බවත් විද්‍යාඥයෝ සඳහන් කරති.
බංගලාදේශය, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය, එංගලන්තයේ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ලොව වටා බොහෝ පහත් භූමි වලට මුහුදු මට්ටම ඉහළ යෑමෙන් දැඩි බලපෑම් ඇතිවන බව හඳුනාගෙන ඇත.
විද්‍යාඥයින් පවසන්නේ 2002 වර්ෂයේ සිට මේ දක්වා ග්‍රීන්ලන්ත අයිස් තට්ටුවෙන් අයිස් ටොන් ට්‍රිලියන හතරක් පමණ දියවී ගොස් ඇති බවයි.
(බීබීසී ඇසුරිණ - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම වැඩිවෙයි
රවින් Thursday, 05 September 2019 09:39 AM
ඇමර්සන් වනාන්තරය, කොන්ගෝ වනාන්තරය වැනි ගෝලීය උෂ්ණත්වය අඩුකළ හැකි වනාන්තර තෙත් භුමි එක පැත්තකින් මිනිසා විසින්ම හිතා මතාම විනාශ කරන කොට, පරිසර සමතුලිතාවය බිදෙනකොට වෙන සිදුවීම් මාලාව. අපේ රටෙත් මෙවැනි සිදුවීම් තම පටු වාසි තකා කෙරෙන බව කවුරු කවුරුත් දන්නවානේ?
victor Friday, 06 September 2019 03:49 PM
ට්‍රම්ප් එන නිසා බයවෙලා වෙන්න ඇති...