
‘ග්‍රීන් කාඩ්’ වීසා වැඩසටහන අත්හිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ‘ග්‍රීන් කාඩ්’ යනු ඇමෙරිකන් පුරවැසියකු නොවන අයකුට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ලබාදෙන නිල අවසර පත්‍රයයි.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙම වසරේ ජනවාරියේ සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළ අවස්ථාවේ පටන් කියා සිටියේ, ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සීමා කිරීමේ අරමුණින්, ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන නැවැත්වීමට පියවර ගන්නා බවය.
ට්‍රම්ප්ගේ එම තීරණය ඉක්මන් වී ඇත්තේ, පසුගිය දා එරට රෝඩ් අයිලන්ඩ් ජනපදයේ, ප්‍රොවිඩන්ස් නගරයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සිදු වූ වෙඩිතැබීම සැලකිල්ලට ගනිමින් යැයි ද පැවැසෙයි.
එම වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනකු මරණයට පත් වූ අතර, නව දෙනෙක් තුවාල ලැබූහ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එරට බලධාරීන්ට නියෝග කර ඇත්තේ, ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාදෙන මෙම වීසා වැඩසටහන නවතා දමන ලෙස යැයි මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
මෙම ‘ග්‍රීන් කාඩ්’ වීසා වැඩසටහන මගින් ලොව පුරා පුද්ගලයන් 50,000කට සෑම වසරකම නිත්‍යානුකූල ලෙස අමෙරිකාවට ඇතුළු විය හැකිය. මෙම වසරේ ද 'ග්‍රීන් කාඩ්' සඳහා මිලියන 20කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd