IMG-LOGO

ග්‍රේටා අලුත් හුටපටයක

ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අන්තර්ජාලය තුළ නැවත වරක් පැසසුමට ලක්ව තිබේ.

මෙවර ග්‍රේටා පැසුසමට ලක්ව ඇත්තේ වෙනස්ම ආකාරයේ කාරණාවක් මුල්කොට ගෙනය.

ග්‍රේටා කතාබහට ලක් වී සිටින්නේ, කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සමග පැවැති ‘හුටපටයක්’ නිර්මාණය මුල්කොට ගනිමිනි. ‘හුටපටය’ නිර්මාණය වී ඇත්තේ ට්විටර් පරිශීලකයන් අතරේය.

තමන් සතුව සුපිරි මෝටර් රථ 33 ක එකතුව පිළිබඳ උදම් අනමින් එම මෝටර් රථ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සහ ඒවායෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳ විස්තරයක් එවීමට විද්‍යුත් ලිපිනය ලබා දෙන ලෙස ග්‍රේටා තන්බර්ග්ට ඇන්ඩෲ ටේට් ට්විටර් සටහනක් තබමින් පවසා ඇත.

මෙය දුටු ග්‍රේටා තන්බර්ග් ඇන්ඩෲ ටේට්ගේ සටහනට ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් ලබා දෙමින් පිළිතුරු දී ඇති අතර ඇය ලබාදුන් පිළිතුර අන්තර්ජාලය තුළ පැසසුමට ලක්ව තිබේ. ව්‍යාජ ලිපිනය ලෙස ඇය ලබා දී ඇත්තේ [email protected] යන්නයි.

ග්‍රේටා තන්බර්ග්ගේ පිළිතුරට ඇන්ඩෲ ටේට් කෝප වී ඇති අතර ට්විටර් පරිශීලකයන් ග්‍රේටා තන්බර්ග් ලබා දුන් පිළිතුරට සහාය පළ කර ඇත.

(විමුක්ති එස්. රොද්‍රිගු)



අදහස් (0)

ග්‍රේටා අලුත් හුටපටයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 69 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site