IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ග්‍රීක පාර්ලිමේන්තුව මැසඩෝනියාවේ නව නාමය අනුමත කරයි

මැසඩෝනියාව සමඟ ඓතිහාසික ගිවිසුමකට සහයෝගය දැක්වීම සඳහා ග්‍රීක මන්ත්‍රීවරු එකඟතාවය පළකර තිබේ.

මේ සම්බන්ධව ග්‍රීක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසු උතුරු මැසඩෝනියානු ජනරජය යන නාමය අනුමත කිරිම සඳහා පක්ෂව ඡන්ද 153 ක් ද විපක්ෂ ඡන්ද 146 ක් ද ලැබිණි.

මැසඩෝනියාව ග්‍රීසියේ උතුරු අසල්වාසී රාජ්‍යය වේ. මැසඩෝනියානු නම වෙනස් කිරිම සම්බන්ධයෙන් ග්‍රීක ආණ්ඩුවට එරෙහිව විපක්ෂ ක්‍රියාකාරීන් ඇතෑන්ස් නුවර විරෝධතාවයක් ද පැවැත්විණි.

ඒ සඳහා නගරයට එක්වූ දහස් ගණනක්  විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය වෙඩි හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් සමඟ ගැටුම් ඇති වූ අතර කිහිපදෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.

1991 නිදහස ලැබීමෙන් පසු මැසඩෝනියානු නාමය ග්‍රීකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පසුගිය වසරේ ජූනි මාසයේ දී ග්‍රීසියේ වාම අගමැති ඇලෙක්සිස් සිප්‍රාස්  මහතා සහ  මැසිඩෝනියානු අගමැති මේ ගිවිසුම සම්බන්ධ එකඟතාවයකට එළඹිණි. 

සභාවේ විවාදය පැය 38 කට වැඩි කාලයක් පැවතුණු අතර එම කාලසීමාව තුළ 200 කට වැඩි පිරිසක් කතා කළහ. මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ දී අන්ත දක්ෂිනාංශික පක්ෂයේ සාමාජිකයෝ කෑගැසූහ.

බීබීසි ඇසුරෙනි

28535



අදහස් (0)

ග්‍රීක පාර්ලිමේන්තුව මැසඩෝනියාවේ නව නාමය අනුමත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site