මැසඩෝනියාව සමඟ ඓතිහාසික ගිවිසුමකට සහයෝගය දැක්වීම සඳහා ග්‍රීක මන්ත්‍රීවරු එකඟතාවය පළකර තිබේ.
මේ සම්බන්ධව ග්‍රීක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසු උතුරු මැසඩෝනියානු ජනරජය යන නාමය අනුමත කිරිම සඳහා පක්ෂව ඡන්ද 153 ක් ද විපක්ෂ ඡන්ද 146 ක් ද ලැබිණි.
මැසඩෝනියාව ග්‍රීසියේ උතුරු අසල්වාසී රාජ්‍යය වේ. මැසඩෝනියානු නම වෙනස් කිරිම සම්බන්ධයෙන් ග්‍රීක ආණ්ඩුවට එරෙහිව විපක්ෂ ක්‍රියාකාරීන් ඇතෑන්ස් නුවර විරෝධතාවයක් ද පැවැත්විණි.
ඒ සඳහා නගරයට එක්වූ දහස් ගණනක් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය වෙඩි හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් සමඟ ගැටුම් ඇති වූ අතර කිහිපදෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.
1991 නිදහස ලැබීමෙන් පසු මැසඩෝනියානු නාමය ග්‍රීකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පසුගිය වසරේ ජූනි මාසයේ දී ග්‍රීසියේ වාම අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් මහතා සහ මැසිඩෝනියානු අගමැති මේ ගිවිසුම සම්බන්ධ එකඟතාවයකට එළඹිණි.
සභාවේ විවාදය පැය 38 කට වැඩි කාලයක් පැවතුණු අතර එම කාලසීමාව තුළ 200 කට වැඩි පිරිසක් කතා කළහ. මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ දී අන්ත දක්ෂිනාංශික පක්ෂයේ සාමාජිකයෝ කෑගැසූහ.
බීබීසි ඇසුරෙනි
28535

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd