නන්දා මාලනී සහ අමරසිරි පීරිස් ඉදිරිපත් කළ " ගී අමානන්දනී" ප්‍රසංගය ලන්ඩන් නුවර කැම්ඩන් ශාලාවේදී පැවැත්විණි.
ඔවුන් දෙදෙනා විසින් ගායනා කර ඇති ජනප්‍රිය ගී බොහෝ ගණනක් මෙම ප්‍රසංගයේදී ගායනා කෙරුණේ රැස්ව සිටි රසික පිරිස අමානන්දනයට පත් කරවමිනි.
ලංකා මාතා පදනම මඟින් සංවිධානය කළ මෙම ගී ප්‍රසංගය සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී විය.
සංගීතය සැපයීම සඳහා සුරේෂ් මාලියැද්දගේ මුලිකත්වයෙන් නිහාල් කළුබෝවිල, මහි පැස්කුවෙල්, සනත් සතිස්චන්ද්‍ර සහ ප්‍රියන්ත දසනායක යන අය එක්ව සිටියේය. වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා විස්තර කතනයෙන් අනෝමා වත්තලදෙණිය හා චන්දන විතාන සහාය විය.
මෙම ප්‍රසංගයෙන් ලැබෙන සියලුම මුදල් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගේ සුබ සෙත උදෙසා ලංකා මාතා පදනම මඟින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සඳහා යොදවා ගන්නා බව සංවිධායකයින් වෙනුවෙන් ලංකාදීප එසැණ පුවත්වෙත අදහස් දැක්වූ භුමින්ද කරුණාතිලක පැවසුවේය.
![NANDA_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/NANDA_11.jpg)
![NANDA_2[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/NANDA_21-Copy.jpg)
![NANDA_3[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/NANDA_31-Copy.jpg)
![NANDA_5[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/NANDA_51-Copy.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනක ලන්ඩන් ඔය කියන දේ වුනානම් එ්ක තමා ඒ අයගේ ගීත වල සාර්ථකත්වය (බ)
නන්දා මාලනී කියන්නේ කොන්ද කෙළින් තිබෙන අසහාය ගායිකාවක්. (නි)
මොවුන්ගේ ගී කොතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ.ඒ තරම් සුන්දරයි.(හේ)
නන්දා මාලනී, මම ඉතාම ගරු කරන කෙනක්.ඔබට චිරන් ජයතු මෑණියනි! (නි)
සුනිල්, ඔව්, ඇයගේ බොහොමයක් ගීතවල රචකයා ආචාර්ය සුනිල් ආරියරත්න. එහෙත් ඇය ගයා ඇති අනෙක් රචකයන්ගේ ගී අප්‍රමාණයි. අරලියලන්ද ගී පටය එක නිදසුනක්. (නි)
බණ්ඩා, එහෙම කියල බැහැ. හොඳ යමක් කරලා දෙයක් හොයා ගත්තට මමනම් වරදක් දකින්නේ නැහැ. ඔය ආකල්පය තමයි අපේ රටට ගොඩක් වැරදියට බලපාන්නේ. අයුතු විදිහට හොරකම් කිරීම ගැන නෙවෙයි මම කියන්නේ. හොඳ දේවල් වල ට ඉහල වටිනාකමක් තිබිය යුතුයි. හොඳ දෙයට හානියක් නොවෙන ලෙසට මිනිසුන් එය ආර්ථික වශයෙන් ප්‍රයෝජයනට ගැනීම වරදක් නොවෙයි. (අ)
සුනිල් පෙරේරා ඔයාට අනේ මන්ද මොනවා කියන්නද කියලා. නන්දා මාලිනිය යනු නිකම්ම නිකම් ගීත කෝකිලාවියක් නෙමෙයි. මෙතුමිය රටට කරපු නිහඬ සේවය කාටවත් හරියට තේරුම් ගන්න බැරි වීම හරිම කණගාටුවක්. මැතිනියෙනි, ඔබට දිගාසිරි! (නදී)
ඔබට දීර්ඝායු වේවා! (නි)
ජය ශ්‍රී ඔබට! (නි)
සුනිල් ඔය දන්නා කෙහෙම්මල (බ)
එකම ගිත රචකයකුට කොටු වීම නිසා නන්දාගේ ගීත එකාකාරි. (ර)
සුනිල් කියන කතාවේ අත්තක් තියෙනවා. මම කියවලා තියෙනවා ඔබ සඳහන් කළ ගීත රචකයා සහ තවත් මහාචාර්ය වරයෙකුගේ බලපෑම මත නන්දා මාලනිය දේශාභිමානි ගීත ගායනා කිරීම නවතා දැමු බව. (නදී)
විජය කුමාරතුංග අවමගුල් උත්සවයේදී ගායනා කරන්න බැරි උනා නේද? (නදී)
ඔබ වැනි ගායිකාවන් අපිට සම්පතක් (නි)
සුනිල් දන්නා තරම තමා, නන්දා මාළනී ඕනේ තරම් වෙනත් ගීත රචකයන්ගේ ගීත කියල තියෙනවා. හොඳ විවිදත්වයක් ඇතුව. (නදී)
වීර ගීත කෝකිලාවිය! වාසනාවන්.. ඔබට දීර්ඝායු වේවා! (නි)
ඔබ රටට වාසනාවන්! (නි)
නන්දා මාලනියගේ ගීත ඇහුවහම මට කියන්න තියෙන්නේ "ඕවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට" . 88-89 කාලේ මේවා අහල අසරණ සිංහල කොල්ලෝ කී දෙනෙක් බයිට් උනාද? ජීවිත විනාශ උනාද යුධ අතට අරගෙන? තරුණ ජීවිත කීයක් විනාශ උනාද ගීත අසා ලේ උණුවී (නදී)
මෙවන් කලාකරුවන් රටට වාසනාවක්! (නි)
නන්දා මාලනී, අපේ කාලේ වීර ගීත කෝකිලාවිය! චිරන් ජයතු මෑණියනි! අමරසිරි පීරිස්, චිරන් ජයතු ඔබටත්! (නි)
විශිෂ්ට ගායිකාවක් වන ඔබට දීර්ඝායුෂ පතමි (නි)
ඔබ දෙපලටම තෙරුවන් සරණයි! නිසැකයෙන්ම නන්දා මාලිනි මෑණියන් අප රටේ පහළ වූ ඉහළම තලයේ ගායිකාවක්, අවිවාදයෙන්ම. (නි)
ලැබෙන අදායම සාක්කුවේ දා ගන්න සංවිධායකයෝ ඉන්න රටක ලැබෙන අදායම පොදු කටයුත්තකට යෙදවීම ගැන අපි සතුටුවෙමු ! (ම)
නරකමත් නෑ.