නන්දා මාලනී සහ අමරසිරි පීරිස් ඉදිරිපත් කළ " ගී අමානන්දනී" ප්‍රසංගය ලන්ඩන් නුවර කැම්ඩන් ශාලාවේදී පැවැත්විණි.
ඔවුන් දෙදෙනා විසින් ගායනා කර ඇති ජනප්‍රිය ගී බොහෝ ගණනක් මෙම ප්‍රසංගයේදී ගායනා කෙරුණේ රැස්ව සිටි රසික පිරිස අමානන්දනයට පත් කරවමිනි.
ලංකා මාතා පදනම මඟින් සංවිධානය කළ මෙම ගී ප්‍රසංගය සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී විය.
සංගීතය සැපයීම සඳහා සුරේෂ් මාලියැද්දගේ මුලිකත්වයෙන් නිහාල් කළුබෝවිල, මහි පැස්කුවෙල්, සනත් සතිස්චන්ද්‍ර සහ ප්‍රියන්ත දසනායක යන අය එක්ව සිටියේය. වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා විස්තර කතනයෙන් අනෝමා වත්තලදෙණිය හා චන්දන විතාන සහාය විය.
මෙම ප්‍රසංගයෙන් ලැබෙන සියලුම මුදල් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගේ සුබ සෙත උදෙසා ලංකා මාතා පදනම මඟින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සඳහා යොදවා ගන්නා බව සංවිධායකයින් වෙනුවෙන් ලංකාදීප එසැණ පුවත්වෙත අදහස් දැක්වූ භුමින්ද කරුණාතිලක පැවසුවේය.
2025 නොවැම්බර් මස 04
488
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ගැයෙන්නට හැකි නම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී‘
ඉසබෙලා Thursday, 09 July 2015 07:06 AM
ජනක ලන්ඩන් ඔය කියන දේ වුනානම් එ්ක තමා ඒ අයගේ ගීත වල සාර්ථකත්වය (බ)
කැනඩා දිසා Thursday, 09 July 2015 02:02 AM
නන්දා මාලනී කියන්නේ කොන්ද කෙළින් තිබෙන අසහාය ගායිකාවක්. (නි)
නිමල් Friday, 10 July 2015 11:53 AM
මොවුන්ගේ ගී කොතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ.ඒ තරම් සුන්දරයි.(හේ)
රන්ජන් Wednesday, 08 July 2015 02:17 PM
නන්දා මාලනී, මම ඉතාම ගරු කරන කෙනක්.ඔබට චිරන් ජයතු මෑණියනි! (නි)
මෙල් Wednesday, 08 July 2015 03:23 PM
සුනිල්, ඔව්, ඇයගේ බොහොමයක් ගීතවල රචකයා ආචාර්ය සුනිල් ආරියරත්න. එහෙත් ඇය ගයා ඇති අනෙක් රචකයන්ගේ ගී අප්‍රමාණයි. අරලියලන්ද ගී පටය එක නිදසුනක්. (නි)
පුෂ්පා Thursday, 09 July 2015 11:27 AM
බණ්ඩා, එහෙම කියල බැහැ. හොඳ යමක් කරලා දෙයක් හොයා ගත්තට මමනම් වරදක් දකින්නේ නැහැ. ඔය ආකල්පය තමයි අපේ රටට ගොඩක් වැරදියට බලපාන්නේ. අයුතු විදිහට හොරකම් කිරීම ගැන නෙවෙයි මම කියන්නේ. හොඳ දේවල් වල ට ඉහල වටිනාකමක් තිබිය යුතුයි. හොඳ දෙයට හානියක් නොවෙන ලෙසට මිනිසුන් එය ආර්ථික වශයෙන් ප්‍රයෝජයනට ගැනීම වරදක් නොවෙයි. (අ)
ජයන්ත Wednesday, 08 July 2015 03:47 PM
සුනිල් පෙරේරා ඔයාට අනේ මන්ද මොනවා කියන්නද කියලා. නන්දා මාලිනිය යනු නිකම්ම නිකම් ගීත කෝකිලාවියක් නෙමෙයි. මෙතුමිය රටට කරපු නිහඬ සේවය කාටවත් හරියට තේරුම් ගන්න බැරි වීම හරිම කණගාටුවක්. මැතිනියෙනි, ඔබට දිගාසිරි! (නදී)
ගජබා Thursday, 09 July 2015 06:35 PM
ඔබට දීර්ඝායු වේවා! (නි)
කළ්‍යාණි Wednesday, 08 July 2015 04:31 PM
ජය ශ්‍රී ඔබට! (නි)
සීතා - ග්‍රීන්ලන්ඩ් Thursday, 09 July 2015 04:23 AM
සුනිල් ඔය දන්නා කෙහෙම්මල (බ)
සුනිල් පෙරේරා Wednesday, 08 July 2015 11:57 AM
එකම ගිත රචකයකුට කොටු වීම නිසා නන්දාගේ ගීත එකාකාරි. (ර)
අනුර Wednesday, 08 July 2015 05:39 PM
සුනිල් කියන කතාවේ අත්තක් තියෙනවා. මම කියවලා තියෙනවා ඔබ සඳහන් කළ ගීත රචකයා සහ තවත් මහාචාර්ය වරයෙකුගේ බලපෑම මත නන්දා මාලනිය දේශාභිමානි ගීත ගායනා කිරීම නවතා දැමු බව. (නදී)
මහින්ද Wednesday, 08 July 2015 05:42 PM
විජය කුමාරතුංග අවමගුල් උත්සවයේදී ගායනා කරන්න බැරි උනා නේද? (නදී)
විජය Saturday, 11 July 2015 02:43 AM
ඔබ වැනි ගායිකාවන් අපිට සම්පතක් (නි)
දිනේෂ් Wednesday, 08 July 2015 12:14 PM
සුනිල් දන්නා තරම තමා, නන්දා මාළනී ඕනේ තරම් වෙනත් ගීත රචකයන්ගේ ගීත කියල තියෙනවා. හොඳ විවිදත්වයක් ඇතුව. (නදී)
උපාලි Friday, 10 July 2015 02:41 PM
වීර ගීත කෝකිලාවිය! වාසනාවන්.. ඔබට දීර්ඝායු වේවා! (නි)
චාරු Wednesday, 08 July 2015 07:47 PM
ඔබ රටට වාසනාවන්! (නි)
ජනක ලන්ඩන් Wednesday, 08 July 2015 08:39 PM
නන්දා මාලනියගේ ගීත ඇහුවහම මට කියන්න තියෙන්නේ "ඕවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට" . 88-89 කාලේ මේවා අහල අසරණ සිංහල කොල්ලෝ කී දෙනෙක් බයිට් උනාද? ජීවිත විනාශ උනාද යුධ අතට අරගෙන? තරුණ ජීවිත කීයක් විනාශ උනාද ගීත අසා ලේ උණුවී (නදී)
නඩරාජා Thursday, 09 July 2015 01:41 PM
මෙවන් කලාකරුවන් රටට වාසනාවක්! (නි)
නිර්මලා Wednesday, 08 July 2015 12:47 PM
නන්දා මාලනී, අපේ කාලේ වීර ගීත කෝකිලාවිය! චිරන් ජයතු මෑණියනි! අමරසිරි පීරිස්, චිරන් ජයතු ඔබටත්! (නි)
කාංචන Thursday, 09 July 2015 01:41 PM
විශිෂ්ට ගායිකාවක් වන ඔබට දීර්ඝායුෂ පතමි (නි)
ශාන්ත - කටාර් Wednesday, 08 July 2015 10:40 PM
ඔබ දෙපලටම තෙරුවන් සරණයි! නිසැකයෙන්ම නන්දා මාලිනි මෑණියන් අප රටේ පහළ වූ ඉහළම තලයේ ගායිකාවක්, අවිවාදයෙන්ම. (නි)
බණ්ඩා Thursday, 09 July 2015 06:45 AM
ලැබෙන අදායම සාක්කුවේ දා ගන්න සංවිධායකයෝ ඉන්න රටක ලැබෙන අදායම පොදු කටයුත්තකට යෙදවීම ගැන අපි සතුටුවෙමු ! (ම)
ඉදු Thursday, 17 October 2019 08:14 AM
නරකමත් නෑ.