මෑතකදී නිකුත් වූ පෝක්මන් දුරකථන ක්‍රීඩාවේ යෙදී සිටි ඇමෙරිකාවේ ළමයින් දෙදෙනෙකුට ෆ්ලොරීඩාවේදී වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මධ්‍යම රාත්‍රියේ නිවෙසක් අසල මෙම ක්‍රීඩාවේ යෙදී සිටි ඔවුනට තම නිවෙස මංකොල්ලකෑමට පැමිණ ඇතැයි සිතමින් එම නිවසේ හිමියා වෙඩි තබා තිබේ.
එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව සදහන් වේ. නමුත් මෝටර් රථයකට සුළු හානි සිදු වී තිබේ. ළමයින් දෙදෙනාට නතර වෙන ලෙස පැවසු අවස්ථාවේ ප්‍රතික්ෂේප කරමින් පලා යාමට උත්සහ කිරීම හේතුවෙන් වෙඩි තැබූ බව එම වෙඩි තැබීම සිදුකළ තැනැත්තා ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරයි.
ක්‍රීඩාව සම්බන්ධයෙන් දෙමාපියන් තම දරුවනට මාර්ගෝපදේශ සැපයීමට මෙම සිදුවීම අවස්ථාවක් කරගත යුතු බව ෆ්ලොරිඩා පොලිස් බලධාරීහු අවධාරණය කරති. මෙම ක්‍රීඩාව කුණාටුවක් මෙන් ලොවපුරා ප්‍රසිද්ධියට පත් විය. එය ක්‍රීඩාකරමින් මහාමාර්ග වල ගමන් කිරීම,පෞද්ගලික ගොඩනැගිලි වලට ප්‍රවේශ වීම වැනි ක්‍රියා නොකරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
සමාජ ජාල භාවිතයට වඩා මෙම ක්‍රීඩාව සදහා වැයකරන කාලය වැඩි බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.
2025 නොවැම්බර් මස 04
588
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1708
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ගේම්‘ ගහන්නේ පරිස්සමෙන්
අබය Wednesday, 20 July 2016 11:15 PM
මේක හරිම වසංගතයක් වෙලා තියෙන්නේ. හොඳම දේ තමයි තහනම් කරන එක. (නි)