මෑතකදී නිකුත් වූ පෝක්මන් දුරකථන ක්‍රීඩාවේ යෙදී සිටි ඇමෙරිකාවේ ළමයින් දෙදෙනෙකුට ෆ්ලොරීඩාවේදී වෙඩි තබා ඇතැයි   විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මධ්‍යම රාත්‍රියේ නිවෙසක් අසල මෙම ක්‍රීඩාවේ යෙදී සිටි ඔවුනට තම නිවෙස මංකොල්ලකෑමට පැමිණ ඇතැයි සිතමින් එම නිවසේ  හිමියා  වෙඩි තබා තිබේ.

එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව සදහන් වේ. නමුත් මෝටර් රථයකට සුළු හානි සිදු වී තිබේ.  ළමයින් දෙදෙනාට නතර වෙන ලෙස පැවසු අවස්ථාවේ ප්‍රතික්ෂේප කරමින් පලා යාමට උත්සහ කිරීම හේතුවෙන් වෙඩි තැබූ බව එම වෙඩි තැබීම සිදුකළ තැනැත්තා ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරයි.  

 ක්‍රීඩාව සම්බන්ධයෙන් දෙමාපියන් තම දරුවනට මාර්ගෝපදේශ සැපයීමට මෙම සිදුවීම අවස්ථාවක් කරගත යුතු බව ෆ්ලොරිඩා පොලිස් බලධාරීහු අවධාරණය කරති. මෙම ක්‍රීඩාව කුණාටුවක් මෙන් ලොවපුරා ප්‍රසිද්ධියට පත් විය.    එය ක්‍රීඩාකරමින් මහාමාර්ග වල ගමන් කිරීම,පෞද්ගලික ගොඩනැගිලි වලට ප්‍රවේශ වීම වැනි ක්‍රියා නොකරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

සමාජ ජාල භාවිතයට වඩා මෙම ක්‍රීඩාව සදහා වැයකරන කාලය වැඩි බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.