උපදින්නට සිටින දරුවන්ගේ ලිංගිකත්වය දැන ගැනීම සඳහා ස්කෑන් පරික්ෂණය අනිවාර්ය කිරීමේ නව නීතියක් ගෙන ඒමට ඉන්දීයාවේ ඇමතිනී මේනකා ගාන්ධි මහත්මිය යෝජනා කාැර ඇත. ඇය පවසන්නේ මේ නීතිය ගෙන ඒමෙන් ගබ්සා ප්‍රමාණය අඩුකර ගත හැකි බවයි.
ලෝකයේ ගැහැණු පිරිමි විෂමතාව වැඩිම රට වන්නේ ඉන්දියාවයි. එරට සංගණන අනුව ඉන්දියාවේ පිරිමි දරුවන් 1000 ටගැහැණු දරුවන් සිටින්නේ 940 කි.
ඇමතිවරිය යෝජනා කරන්නේ ස්කෑන් පරීක්ෂණය අනිවාර්ය කිරිමෙන් පසු ගැබ්ගෙන ඇති දරුවා ගැහැණු හෝ පිරිමි දරුවකු ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ යුතු බවයි. ඉන් අනතුරුව ගැහැණු දරුවකු නම් දරුවා ප්‍රසූත කරන තුරු අධීක්ෂණ කටයුතු කිරීම අවශ්‍ය බව ද ඇය පෙන්වාදෙයි.
මෙතෙක් ඉන්දියාවේ අත්‍යාවශ්‍ය ම හේතුවකට හැර ස්කෑන් පරීක්ෂණයකින් ඉපදෙන්නට සිටින දරුවාගේ ලිංගිකත්වය දැන ගැනීම තහනම් කර තිබිණි. ඇතැම් පුද්ගලයන් දරුවන්ගේ ලිංගිකත්වය දැනගත් පසු ඉපදෙන්නේ ගැහැණු දරුවකුනම් කලලය විනාශ කිරීමට පෙළඹීම ඊට හේතු වී තිබිණි.
ඉන්දියාවේ කලලයක් ගබ්සා කිරීමට වරදකරැ වුවහොත් අවම වශයෙන් වසර පහක සිර දඬුවමකට යටත් වීම සිදුවේ. ඉන්දියාවේ ඇතැම් කාන්තාවෝ හොර රහසේ ම ස්කෑන් පරීක්ෂණය සිදුකරගෙන අවුරුදු පහක සිර දඬුවම විදීමේ අවදානම පවා දරමින් ගැහැනු දරු කලලය විනාශ කිරීමට පෙළඹී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමනුත් ගැහැණියක් බව අමතකවෙලාද ඒ අම්මලාට? (නි)
මුලින්ම මෝඩ අදහස් වලින් මිනිසුන් මුදවාගන්න ක්‍රියා කිරීමයි කළයුත්තේ (නි)
ඔය කට්ටිය මෙහෙ වැඩට ආවහම ඔය නීති අපෙත් දාන්න වේවි. සීපා නිසා වෙන දේවල්. (නි)