උපදින්නට සිටින දරුවන්ගේ ලිංගිකත්වය දැන ගැනීම සඳහා ස්කෑන් පරික්ෂණය අනිවාර්ය කිරීමේ නව නීතියක් ගෙන ඒමට ඉන්දීයාවේ ඇමතිනී මේනකා ගාන්ධි මහත්මිය යෝජනා කාැර ඇත. ඇය පවසන්නේ මේ නීතිය ගෙන ඒමෙන් ගබ්සා ප්‍රමාණය අඩුකර ගත හැකි බවයි.
ලෝකයේ ගැහැණු පිරිමි විෂමතාව වැඩිම රට වන්නේ ඉන්දියාවයි. එරට සංගණන අනුව ඉන්දියාවේ පිරිමි දරුවන් 1000 ටගැහැණු දරුවන් සිටින්නේ 940 කි.
ඇමතිවරිය යෝජනා කරන්නේ ස්කෑන් පරීක්ෂණය අනිවාර්ය කිරිමෙන් පසු ගැබ්ගෙන ඇති දරුවා ගැහැණු හෝ පිරිමි දරුවකු ද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ යුතු බවයි. ඉන් අනතුරුව ගැහැණු දරුවකු නම් දරුවා ප්‍රසූත කරන තුරු අධීක්ෂණ කටයුතු කිරීම අවශ්‍ය බව ද ඇය පෙන්වාදෙයි.
මෙතෙක් ඉන්දියාවේ අත්‍යාවශ්‍ය ම හේතුවකට හැර ස්කෑන් පරීක්ෂණයකින් ඉපදෙන්නට සිටින දරුවාගේ ලිංගිකත්වය දැන ගැනීම තහනම් කර තිබිණි. ඇතැම් පුද්ගලයන් දරුවන්ගේ ලිංගිකත්වය දැනගත් පසු ඉපදෙන්නේ ගැහැණු දරුවකුනම් කලලය විනාශ කිරීමට පෙළඹීම ඊට හේතු වී තිබිණි.
ඉන්දියාවේ කලලයක් ගබ්සා කිරීමට වරදකරැ වුවහොත් අවම වශයෙන් වසර පහක සිර දඬුවමකට යටත් වීම සිදුවේ. ඉන්දියාවේ ඇතැම් කාන්තාවෝ හොර රහසේ ම ස්කෑන් පරීක්ෂණය සිදුකරගෙන අවුරුදු පහක සිර දඬුවම විදීමේ අවදානම පවා දරමින් ගැහැනු දරු කලලය විනාශ කිරීමට පෙළඹී සිටිති.
2025 නොවැම්බර් මස 04
541
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගබ්සාවට ඉන්දියාව වැට බඳියි ?
සුජාන් Wednesday, 03 February 2016 12:41 AM
තමනුත් ගැහැණියක් බව අමතකවෙලාද ඒ අම්මලාට? (නි)
හේමන්ත Wednesday, 03 February 2016 01:26 AM
මුලින්ම මෝඩ අදහස් වලින් මිනිසුන් මුදවාගන්න ක්‍රියා කිරීමයි කළයුත්තේ (නි)
ඉමේෂ් Wednesday, 03 February 2016 01:35 AM
ඔය කට්ටිය මෙහෙ වැඩට ආවහම ඔය නීති අපෙත් දාන්න වේවි. සීපා නිසා වෙන දේවල්. (නි)