
මහ වැසි සහ තද සුළං ද සමඟ ‘ගෙබි්‍රයෙල්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව නවසීලන්තයට කඩා වැදුණි.
නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිට නවසීලන්ත වැසියන් දහස් ගණනක් මේ වනවිට විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවය.
‘ගෙබි්‍රයෙල්’ සුළි කුණාටුව නවසීලන්තයට හමා ආවේ ඔස්ට්‍රේලියාව පසු කරමිනි.
සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට නවසීලන්ත කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබුණි.
ඕක්ලන්ඩ් නගරයට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බව ද පැවැසෙයි. නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇත. විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී තිබේ.
මිලි මීටර් 200 ක වර්ෂාපතනයක් ද සමඟ සුළිකුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 130 ක තද සුළං ද සමඟය.
සුළි කුණාටුවෙන් සහ ජල ගැලීම්වලින් අනතුරක් විය හැකි යැයි අනුමාන කළ නගර වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කල්තියා නවසීලන්ත බලධාරීන් උපදෙස් දී තිබුණි.
සුළි කුණාටුව සම්බන්ධයෙන් කල් තියා ලැබුණු අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමින්, දින තුනකට පමණ ප්‍රමාණවත් ආහාර සහ පානීය ජලය එක්රැස් කර ගැනීමට ඕක්ලන්ඩ් නුවර වැසියෝ කටයුතු කළහ.
නවසීලන්ත ජාතික ගුවන් සේවය වන ‘එයාර් නිව්සීලන්ඩ්’ ඔවුන්ගේ අභ්‍යන්තර ගුවන් ගමන් සුළි කුණාටුව හේතුවෙන් අවලංගු කර ඇත.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ගෙබි්‍රයෙල්’ නවසීලන්තයට කඩා වදී