ගැබෝන් රාජ්‍යයෙන් හා ඝානාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ යැයි එම රටවල් නිවේදනය කර තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් පිළිබඳ තොරතුරු වාර්තා කළ උප සහරානු අප්‍රිකා කලාපයේ නවවැනි සහ දසවැනි රටවල් දෙක බවට එම රටවල් දෙක පත්විය.

යුරෝපයට හෝ චීනයට හෝ මෙන් මෙම කලාපයට කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන මෙම වයිරසයෙන් මේ වනතෙක් එතරම් බලපෑමක් එල්ල කර නැත.

අයිවරි කෝස්ට්, නයිජීරියාව, සෙනගාලය, කැමරූන්, ටොගෝ, දකුණු අප්‍රිකාව, බුර්කානා ෆාසෝ සහ කොන්ගෝ රජය යන රටවලින් ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.

මාර්තු 8 වැනිදා ප්‍රංශයේ සිට පැමිණි 27 හැවිරිදි ගැබෝන් ජාතිකයකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ගැබෝන් රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නෝර්වේ සහ තුර්කියේ සිට පැමිණි දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඝානාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

‘‘රට තුළ කිසිවකුටත් කොරෝනා ආසාදනය වී නැහැ. කොරෝනා ආසාදනය වී තිබෙන්නේ විදෙස් ගතව සිට පැමිණි දෙදෙනකුට. මේ වනවිට ඔවුන් හුදෙකලා කරා නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා’’ යැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.
 
රොයිටර්ස්
 
055