හමුදා කුමන්ත්‍රණයෙන් පසු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සිට පත් කළ ගැබොන් ජනාධිපති අලී බොන්ගෝ ඔන්ඩිම්බාට නිදහස හිමි වී ඇත. බලය අල්ලා ගැනීමෙන් පසු නව අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දී සිටින්නේ හමුදා ප්‍රධානී බ්‍රයිස් න්ගුමේය.
ජනාධිපති අලී බොන්ගෝ ඔන්ඩිම්බාට නිදහස ලබා දෙන බවට නිල ලියවිල්ලට හමුදා ප්‍රධානී බ්‍රයිස් න්ගුමේ අත්සන් තබා ඇතැයි ද පැවැසෙයි. හමුදා ප්‍රධානී බ්‍රයිස් න්ගුමේ අලී බොන්ගෝ ඔන්ඩිම්බාටගේ ශාඳි පුත්‍රයකු යැයි ද පැවැසෙයි.
අලී බොන්ගෝ කැමැති නම්, රටින් පිටවීමට ද ඔහුට අවසර ඇති බව අන්තර්වාර ජනාධිපති න්ගුමේ අලී බොන්ගෝ පැහැදිලි කර තිබේ. හමුදාව කුමන්ත්‍රණය කරමින්, ජනාධිපති අලී බොන්ගෝ ඔන්ඩිම්බා නිවාස අඩස්සියට පත් කර රටේ බලය අල්ලා ගත්තේ පසුගිය අගෝස්තු 30 වැනිදාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගැබොන් ජනපතිට රටින් යන්න අවසර