
හමුදා කුමන්ත්‍රණයෙන් පසු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සිට පත් කළ ගැබොන් ජනාධිපති අලී බොන්ගෝ ඔන්ඩිම්බාට නිදහස හිමි වී ඇත. බලය අල්ලා ගැනීමෙන් පසු නව අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දී සිටින්නේ හමුදා ප්‍රධානී බ්‍රයිස් න්ගුමේය.
ජනාධිපති අලී බොන්ගෝ ඔන්ඩිම්බාට නිදහස ලබා දෙන බවට නිල ලියවිල්ලට හමුදා ප්‍රධානී බ්‍රයිස් න්ගුමේ අත්සන් තබා ඇතැයි ද පැවැසෙයි. හමුදා ප්‍රධානී බ්‍රයිස් න්ගුමේ අලී බොන්ගෝ ඔන්ඩිම්බාටගේ ශාඳි පුත්‍රයකු යැයි ද පැවැසෙයි.
අලී බොන්ගෝ කැමැති නම්, රටින් පිටවීමට ද ඔහුට අවසර ඇති බව අන්තර්වාර ජනාධිපති න්ගුමේ අලී බොන්ගෝ පැහැදිලි කර තිබේ. හමුදාව කුමන්ත්‍රණය කරමින්, ජනාධිපති අලී බොන්ගෝ ඔන්ඩිම්බා නිවාස අඩස්සියට පත් කර රටේ බලය අල්ලා ගත්තේ පසුගිය අගෝස්තු 30 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd