අප්‍රිකාවට අයත් ගිනියා රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. ජනාධිපති මන්දිරය වටලා, ජනාධිපති ඇල්පා කෝඩේ අත්අඩංගුවට ගැනීමට ද හමුදා සොල්දාදුවෝ කටයුතු කළහ.
හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූයේ කර්නල් මෙමඩේ ඩොම්බුයා ය. ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින්, කර්නල් ඩොම්බුයා කියා සිටියේ ඒකීය හමුදා රජයක් පිහිටවමින් තමන් ජනාධිපති ලෙස කටයුතු කරන බවත්, පාර්ලිමේන්තුව විසුරුවමින්, ව්‍යවස්ථාව අහෝසි කරන බවත්ය.
ජනාධිපති ඇල්පා කෝඩේ සහ රජය ගෙන ගිය පාලනය ජනතා හිතවාදී එකක් නොවන බවත්, දිනෙන් දින රටේ දේශපාලනික අර්බුද උත්සන්න වී, දූෂණය ඉහවහා ගොස් ජනතාව දරිද්‍රතාවයෙන් බැට කෑ බවත් කර්නල් මෙමඩේ ඩොම්බුයා ජනතාව අමතමින් කියා සිටියේය.
ජනතාව තව තවත් පීඩාවට පත්වීම බලා සිටිය නොහැකි හෙයින්, තමන් රටේ බලය අල්ලා ගත් බව කර්නල් ඩොම්බුයා හමුදා කුමන්ත්‍රණය සාධාරණීකරණය කරමින් පැවැසීය.
ගිනියාවේ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, කනස්සල්ලපළ කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් හමුදාවට පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් ජනාධිපති ඇල්පා කෝඩේ වහා නිදහස් කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යළි ස්ථාපිත කරන ලෙසත්ය.
කර්නල් මෙමඩේ ඩොම්බුයා, ගිනියා හමුදාවේ විශේෂ බලකා සොල්දාදුවෙකි. ප්‍රංශ යටත් විජිතයක් ලෙස පැවැති සමයේ, ප්‍රංශ හමුදාවේ ඉහළ නිලධාරියකු ලෙස ද මොහු කටයුතු කළ බව පැවැසෙයි.
ගිනියාව යනු බටහිර අප්‍රිකා රාජ්‍යයකි. ස්වාභාවික සම්පත් රැසකින් පොහොසත් වුවත්, වසර ගණනාවක් තිස්සේ පවතින දේශපාලනික අර්බුද සහ ආර්ථික අර්බුද හමුවේ එම සම්පත් නිසි පරිදි කළමනාකරණයක් සිදු නොවිණි. ඒ අනුව, ගිනියාවේ දරිද්‍රතාවය ඉහළ ගොස් තිබේ. ගිනියාව අප්‍රිකාවේ පමණක් නොව ලෝකයේ ම දුප්පත් රටක් ලෙස සැලකෙයි.
ගිනියාව අන්ලන්තික් සාගරයට ද මායිම් වෙයි. ගිනියාවේ ජනප්‍රියතම සංචාරක ආකර්ශණය ලෙස සැලකෙන්නේ නිම්බා කඳුකර වන රක්ෂිතයයි. අප්‍රිකාවට පමණක් අවේණික සත්ව සහ ශාක විශේෂ රැසක් මෙහි දකින්න ලැබේ.
ගිනියාවේ අගනුවර කොනාකී වන අතර, මෙය පිහිටා ඇත්තේ වෙරළාශ්‍රිතවය. ගිනියානු ෆ්‍රෑන්ක් ගිනියාවේ මුදල් ඒකකයයි. 2019 ලෝක බැංකු වාර්තා අනුව, ගිනියාවේ ජනගහනට මිලියන 12.77 කි. නිල භාෂාව ලෙස සැලකෙන්නේ ප්‍රංශයයි. ගිනියාව අතීතයේ ප්‍රංශයට යටත්ව පැවැතිණි.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගිනියා රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක්