කැලිෆොනියාවේ රිවර්සයිඩ් ප්‍රාන්තයේ පැතිර ගිය ගින්නකින් අක්කර 400ක් පමණ විනාශ වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. දැඩි නියඟය නිසා පැය කීපයකින් මෙම ගින්න වේගයෙන් පැතිරගොස් තිබේ. ලොස්ඇන්ජලීස් සිට කිලෝ මීටර් 75 නැගෙනහිර ප්‍රදේශයේ මෙම ගින්න හට ගෙන ඇති බවත් ආරක්ෂාව පතා ප්‍රදේශයේ ජනතවා ඉවත් කිරීමට කටයුතු කළ බවත් එරට බලධාරීහු පවසති. ගින්න පාලනය කිරීම සඳහා 300ක භට පිරිසක් යොදා සිටිති. ඊට ගුවන් යානා සහායද ලබා ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd