බංගලාදේශයේ ඩකා නුවර මුඩුක්කු සහ පැල්පත් නිවාස පිහිටි ප්‍රදේශයක ඇතිවූ ගින්නකින් නිවාස 1200ක් පමණ විනාශවී ඇතැයි වාර්තා වේ.

මරණ වාර්තාවී නොමැති බවද බොහෝ දෙනකු තුවාල ලබා ඇති බවද බලධාරීහු පවසති.

නිවාස බොහොයක් ප්ලාස්ටික් ආවරණ වලින් නිමවා තිබූ හෙයින් ගින්න ක්ෂණිකව ව්‍යාප්ත වී ඇත.
 
ආපදා අංශ පවසන්නේ මේ වනවිට දහස් ගණනක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බවයි.
 
ගින්න හටගත් අවස්ථාවේ බොහෝදෙනා ඉස්ලාම් ආගමික උත්සවයකට සහභාගී වීම සඳහා නිවෙස් වලින් බැහැරව සිට ඇත.
 
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
 
(බීබීසී ඇසුරිණි - 085)