කැලැයිස් ප්‍රදේශයේ ජංගල් නමින් හඳුන්වන කඳවුරේ රැඳී සිටි දහස්ගනනක් සංක්‍රමණිකයන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව ප්‍රංශය පවසයි. කැලැයිස් නගරාධිපතිවරයා පවසන්නේ සඳුදා පටන්ගත් මෙහෙයුම සාර්ථකව අවසන් කළ බවයි.

කඳවුරෙන් ඉවත් කළ 4000ක පමන පිරිසක් ආරක්ෂිත රැඳවුම් ස්ථාන වෙත අඟහරුවාදා සවස් වනවිට රැගෙන යනු ලැබිණි. මෙහෙයුම සඳහා 1200ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදාගෙන ඇත. සංක්‍රමණිකයන් 8000කට ආසන්න ප්‍රමාණයක් කඳවුරේ සිටි බවත් ඉන් විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වී ඇත.

බදාදා රාත්‍රියේ කඳවුරේ ස්ථාන කිහිපයක ගිනිගැනීම් වාර්තා විය. ඒවා සිදුකලේ කවුරුන්ද යන්න ගැන නොදන්නා බව නගරාධිපතිවරයා පවසයි.

සංක්‍රමණිකයන්ගෙන් බොහෝ පිරිසක් සිරියානු යුද්ධයෙන් අවතැන්වූවන්ය. වරාය ආසන්නයේ පිහිටි මෙම කඳවුරේ ඔවුන් රැඳීසිට ඇත්තේ බ්‍රිතාන්‍යයට ඇතුලුවීමේ බලාපොරොත්තුවෙනි.  

_92100668_junglegetty _92096831_036067703-1 _92095651_mediaitem92093530