කොළොම්බියාවේ උතුරු ප්‍රදේශයේ ටර්බැකෝ නගරයේ පවත්වනු ලැබූ ගොන්පොර තරඟයකදී කුළු හරකෙකු ප්‍රචන්ඩකාරී ලෙස හැසිරීම නිසා ඇතිවූ කළබලකාරී තත්වයෙන් 25දෙනකු තුවාල ලබා රෝහල් ගතකැර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. කුළු හරකාගේ අං වලට තුවාල වූ හතරදෙනකුගේ තත්වය බරපතල බවද වාර්ථා වේ.
තම වාසනාව උරගා බැලීමට ක්‍රීඩා වලල්ල තුළට පිවිසි ආධුනික ත්‍රීඩා ලෝලින් බොහෝ දෙනකු කුළු හරකාගේ පහර කෑමට ලක්වි ඇත. ටර්බැකෝ ජනතාව අළුත් අවුරුදු උදාව වෙනුවෙන් දින පහක් පුරා පවත්වන සාම්ප්‍රදායික උත්සවයක එක් අංගයක් ලෙස මෙම ගොන්පොර තරඟය පවත්වා තිබේ.
මෙහිදී සතුන්ට හින්සාවක් සිදු නොවන බව සංවිධායකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන්ට මොකද හිංසාවක් නොවෙන්නේ? (නි)