ඊජිප්තුවේ කයිරෝ නුවර ආපණශාලාවකට එල්ල වූ ගිනි බෝම්බයකින් අවම වශයෙන් 16දෙනකු වත් මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ප්‍රහාරයෙන් පස් දෙනකු තුවාල ලබා ඇත.
මුහුණු ආවරණය කරගත් මිනිසුන් තිදෙනකු බෝම්බය එම ස්ථානයට වීසිකර පලාගිය බව දිවි ගලවාගත් පුද්ගලයන් ප්‍රකාශ කරයි.
ගිනිදැල් වලට පිලිස්සීමෙන් හා දුම ආශ්වාස වීමෙන් බෝහෝ දෙනෙකු මිය යන්නට ඇතැයි ඊජිප්තු පුවත්සේවා වාර්ථා කරයි.
එරට ආරක්ෂක අංශ පවසන්නේ ඉස්ලාම් අන්තවාදීන් මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි සැකකරන බවයි. මීට පෙරද කයිරෝ නුවර ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර වලින් බොහෝ සිවිල් වැසියන් මිය ගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනි බෝම්බයකින් 16ක් මරුට
පිටබැද්දර ජයා Friday, 04 December 2015 11:23 PM
වෛරයෙන් වෛරය නොසන්සිඳේ. සියලුම මිනිසුන් තුළ පහන් සිත් ඇතිවේවා! (නි)
රොහාන් දයාදර Saturday, 05 December 2015 11:14 PM
ඕනෑම දෙයකට සීමාවක් තිබෙනවා. දිගින් දිගටම මේ සිදුවන දේවල් වල අවසානය පරමාණු බෝම්බයකින් කෙළවරවීම වළක්වන්නට කිසිම කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි එදාටත් වැඩියෙන්ම මැරෙන්නේ අහිංසක මිනිස්සු. මේ ලෝකයේ ස්වර්ණමය යුගය අවසන්වෙලා විනාශකාරී යුගයක් කරා සෙමින් සෙමින් ඇදීයන බව තමයි අද අපට හැඟෙන්නේ (නි)
ඉනෝකා Friday, 04 December 2015 10:33 AM
අහිංසක මිනිසුන් මැරීමෙන් නුඹලා බලාපොත්තුවෙන විමුක්තිය කුමක්ද...?දකින දකින හැම තැනම මැරී වැටෙන අහිංසක මිනිසුන්...?(w)
ඉමේෂ් Friday, 04 December 2015 11:14 AM
හොඳයි හොඳයි. දිගටම මෙහෙම වෙන්න ඕනේ.. බොහොම හෙමින් වේවා වෙන එක තමයි නරක.(අ)