ඊජිප්තුවේ කයිරෝ නුවර ආපණශාලාවකට එල්ල වූ ගිනි බෝම්බයකින් අවම වශයෙන් 16දෙනකු වත් මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ප්‍රහාරයෙන් පස් දෙනකු තුවාල ලබා ඇත.

මුහුණු ආවරණය කරගත් මිනිසුන් තිදෙනකු බෝම්බය එම ස්ථානයට වීසිකර පලාගිය බව දිවි ගලවාගත් පුද්ගලයන් ප්‍රකාශ කරයි.

 ගිනිදැල් වලට පිලිස්සීමෙන් හා දුම ආශ්වාස වීමෙන් බෝහෝ දෙනෙකු මිය යන්නට ඇතැයි ඊජිප්තු පුවත්සේවා වාර්ථා කරයි.

එරට ආරක්ෂක අංශ පවසන්නේ ඉස්ලාම් අන්තවාදීන් මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි සැකකරන බවයි. මීට පෙරද කයිරෝ නුවර ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර වලින් බොහෝ සිවිල් වැසියන් මිය ගොස් ඇත.