ඇමරිකාව තුළ ගිනි අවි භාවිතය පාලනය කරන ලෙස ඉල්ලා සිටිමින් එරට වැසියන් විරෝධතාවල නිරත වන බව වාර්තා වේ.
ගිනි අවි මගින් ඇතිවන ප්‍රචණ්ඩත්වය අවසන් කළ යුතු බව ඇමෙරිකාවේ ස්ථාන 100 ක පැවැත්වුණු මෙම රැළිවලදී ඔවුහු ඉල්ලා සිටියහ.
ටෙක්සාස් හා ඔහියෝ ඇතුළු ස්ථාන ගණනාවක ඇතිවූ වෙඩි තැබීමේ සිදුවීම් මෙම උද්ඝෝෂණ පැවැත්වීම සඳහා හේතු වී ඇති අතර ගිනිඅවි පිළිබඳ නීති කඩිනමින් සංශෝධනය කරන ලෙසද ඔවුහු එහිදී කොංග්‍රසයට අවධාරණය කර සිටියහ.
ගිනි අවි පාලනය සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපොහොසත් වීම හේතුවෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි විවේචන එල්ල වී ඇත.
ඒ අනුව ගිනි අවි නියාමනය 2020 ජනාධිපතිවරණයේ දී ප්‍රධාන කරුණක් බවට පත්වනු ඇත.
(එන් එච් කේ ඇසුරිනි)
(226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd