ලන්ඩනයේ බර්මින්හැම් නුවර ජේතවන විහාරස්ථානයේ සහ ලිවර්පුල්හි ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ ව්හාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ පැවිදි දිවියට අඩ සිය වසක් පිරිම නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පතා පින්කම් මාලාවක් ශ්‍රී ලංකාවේදී සහ එංගලන්තයේදී පවත්වනු ලැබිය.

එංගලන්තයේදී බර්මින්හැම් ජේතවන විහාරස්ථානයේදීත් ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේදීත් මෙම පින්කම් සංවිධානය කැර තිබිණි.

ලිවර්පුල්හි ප්‍රෙස්කොට් උත්සව ශාලාවේ පැවති "යතිවර ප්‍රණාම පුජෝත්සවය" ආරම්භ වූයේ මහා සංඝ රත්නය විෂයෙහි පිරිනැමුණු සංඝගත දක්ෂිණාවකිනි. 

පිංකම සඳහා මහා සංඝ රත්නය සහ පැමිණ සිටි අමුත්තෝ විශේෂ පෙරහරකින්  ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබූහ. ගුණවංශ හිමියන් අතින් සිදුවූ සාශනික සේවාව සමඟ ජිවිත තොරතුරු විස්තර කළ " පරමාදර්ශී ධර්ම දුතයානෝ" නම්වූ උපහාර ග්‍රන්ථයද එළිදැක්විණි.

පිංකම සඳහා ගලයායේ පියදස්සි, නේපාලේ සුමන, තවලම බන්දුල, කෝන්වැවේ අරියරතන, බැරගම පියරතන, තෙල්දෙණියේ අමිත, කලුඅග්ගල සරණසිරි, දොඩන්ගොඩ සුමේධ, ගල්පොත්යායේ පේමානන්ද, තිස්සපුර සුගතරතන යන හිමිවරුද මෙම පිංකමට එක්වූහ.