
තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් දේශසීමා ගැටුමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. ඒ, සටන් විරාමයකට යන්නැයි දෙපාර්ශ්වයෙන් ඉල්ලීමක් කරමිණි.
සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්, ඇමෙරිකානු ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත්තේ, තමන් තායිලන්තයේ වැඩ බලන අග්‍රාමාත්‍යවරයා සමඟත්, කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා සමඟත් දුරකතනයෙන් කතා කළ බවත්, සටන් විරාමයකට යෑමේ වැදගත්කම පෙන්වා දුන් බවත්ය.
කඩිනමින් සටන් විරාමයකට ගොස් දේශසීමා ගැටුම් අවසන් නොකරන්නේ නම්, තීරු බදු සම්බන්ධයෙන්, තායිලන්තය සමඟ කාම්බෝජය සමඟ හෝ කිසිදු ආකාරයකින් වෙෙළඳ ගිවිසුමක් ඇති කර නොගන්නා බවත් ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පැහැදිලි කර ඇත.
තායිලන්තය සහ කාම්බෝජය යනු දිගු ඉතිහාසයකට මෙන්ම සංස්කෘතියකට හිමිකම් කියන රටවල් දෙකක් වන බැවින් ඔවුන් ඉදිරි වසර ගණනාවක් සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් යැයි ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට සිටින්නේ ස්කොට්ලන්තයේ සිය නිවාඩු නිකේතනයේ සංචාරය කරමිනි. ඔහු ගොල්ෆ් ක්‍රීඩා කරමින් විවේකීයව සිටින බව පැවැසෙයි. ට්‍රම්ප් ස්කොට්ල්නතයට ගොස් ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහාය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගැටුම විසදන්න ට්‍රම්ප් මැදි වෙයි
C.K.Lankaputhra Sunday, 27 July 2025 11:07 AM
ලෝකෙ ඕනෑම දෙයක් ඕනැම තැනක සිද්ධ වෙනවා නම් ඒ ඇමරිකාව අත නොදාපු හින්ද එහෙම නැත්නම් අත දාපු හින්දා. ඒකයි පරම සත්‍යය.