IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගැටුම් එපා: චීන ජනපති ඇමෙරිකාවට කියයි

(සමිත් බෝධිපක්ෂ චීනයේ බෙයිජිං නුවර සිට)

ලෝකයේ රටවලට දැන් අවශ්‍ය වන්නේ බෙදීම් හෝ ගැටුම් නොව සහයෝගිතාව සහ සම්බන්ධීකරණය බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද (29) චීනයේ බෙයිජිංහිදී ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති සහකාර ජේක් සුලිවන් මහතා හමුවෙමිනි. 

මිනිසුන්ට අවශ්‍ය වන්නේ විවෘතභාවය සහ ප්‍රගතිය මිස බැහැර කිරීම හෝ පසුබැසීම නොවන බවද චීන ජනාධිපතිවර⁣යා කියා සිටියේය.  ලෝකයේ ප්‍රධාන රටවල් දෙකක් ලෙස චීනය සහ ඇමෙරිකානු එක්සත් ජනපදය ඉතිහාසයට,  ජනතාවට සහ ලෝකයට වග විය යුතු අතර, ලෝක සාමය සඳහා ස්ථාවර මූලාශ්‍රයක් විය යුතු බවද ඔහු කීය. 

චීන - ඇමෙරිකා සබඳතාවෙහි සහ දෙරට අතර සාධනීය වෙනස්කම් රැසක් සිදුව ඇතැයි පෙන්වාදුන් ෂී ජින්පින් මහතා, ස්ථාවර, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර චීන-ඇමෙරිකා සබඳ⁣තා පවත්වාගැනීමේ ඉලක්කය වෙනුවෙන් චීනයේ කැපවීම නොවෙනස්ව පවතින බවද සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද පාර්ශ්වයද එලෙසම ක්‍රියා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද මෙහිදී චීන ජනාධිපතිවරයා පැවසීය. 

තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ චීනය සහ එහි සංවර්ධනය පිළිබඳ ඇමෙරිකාව ධනාත්මකව බලනු  ඇති බවටත්,  දෙරටෙහි සංවර්ධනය අභියෝගයකට වඩා අවස්ථාවක් ලෙස සලකනු ඇති බවටත් විශ්වාස කරන බවය.



අදහස් (0)

ගැටුම් එපා: චීන ජනපති ඇමෙරිකාවට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site