වියානා නගරයේ ඩනුබේ ගංඟාවේ දහස් ගණනක් වටිනා යුරෝ නෝට්ටු පාවී ආවේ කෙසේ ද යන්න සෙවීමට ඕස්ට්‍රියා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළ බව බීබීසී පුවත් සේවය පවසයි.
එකක් පසු පස එකක් මේ මුදල් නෝට්ටු ගංඟා ජලය මත පාවී ආවේය.
එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ පාවෙමින් තිබියදි සොයාගත් නෝට්ටුවල වටිනාකම යුරෝ 100,000 රුපියල් 15,200,000.00) බවයි.
එරට පොලිසිය පැවසුවේ නෝට්ටු සොයා ගත් ප්‍රදේශයෙන් අපරාධයක් වාර්තා වී නොමැති බවයි. මෙම මුදල්වල මූලාරම්භය කෙසේ සිදුවී ද යන්න පැහැදිලි නොමැති බව ද පොලිසිය කියයි.
ඕස්ට්‍රියා වාර්තා පෙන්වා දෙන්නේ යුරෝ 500 සහ 100 නෝට්ටු ව්‍යාජ ඒවායැයි බලධාරින් මුලින් විශ්වාස කලත් දැන් ඒවා නියම මුදල් නෝට්ටු බව තහවුරු කරගෙන ඇත.
පිරිමි ළමයෙක් ගඟ දෙස බලාගෙන සිටිමින් සිය දිවි හානිකර ගැනිමට තැත් කරන්නේ යැයි සැක සිතී ඒ බව වෙත වාර්තා කර තිබුනේ මෙම ගංගාව පසුකර යන පිරිස් විසිනි. නමුත් පසුව පෙනීගොස් ඇත්තේ මෙම ළමයා ගංඟාවේ පාවි යන මුදල් නෝට්ටු එකතුකර ගැනීමට උත්සාහ කරමින් සිටි බවයි.
ඔස්ට්‍රියාවේ යම් කෙනෙක් මුදල් අහම්බෙන් සොයාගෙන පොලීසියට භාර දුනහොත් ඔහුට එම මුදල් වලින් සියයට 5 – 10 ක අයිතියක් නීත්‍යානුකූලව හිමිවෙයි.
නමුත් මෙම මුදල් වල අයිතිකරු වසරක කාලයකදී හමුනොවුනහොත් මුදල සියල්ල මෙම ළමයාට භාරදීමට නියමිත බව ඔස්ට්‍රියාව ප්‍රකාශ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැස්සක් වහින්නේ දැන් හවසට හරිම අපහසුවට පත් වෙනවා (ම)
මටත් ඊයේ පාරේ තිබිලා රුපියලක් හම්බුණා (බ)
ඉතාමත් වාසනාවන්ත ළමයෙක්.සල්ලි දෙයියන්ගේ මල්ලි කියන නිසා අහසින්වත් වැටුනාදෝ.....? (බ)
ලංකාවේ කෑළණි ගඟෙනුත් කාලයක් රත්තරන් කුඩු මතු වුනේ (බ)
කවුරුහරි සල්ලි වැඩි කෙනෙක් පිනට දෙන්න හිතපු ක්‍රමයක් වෙන්න ඇති. (නි)
අනේ ඒ ළමයා මම වත් වුනානම් .....?(බ)
අපේ හිටපු කවුරුහරි දේශපාලකයෙකුගේ කළු සල්ලිද දන්නෙ නැහැ (නි)
අපේ කෙනෙක් නම් පාකරයි මෙන්නම කියලා (නි)
අනේ දෙවියනේ .....මටත් අහසින් සල්ලි මල්ලක් කඩාගෙන වැටෙන්න සලස්වනු මැනවි ... ! (බ)