IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගඟ දිගේ සල්ලි ගලයි

වියානා නගරයේ ඩනුබේ ගංඟාවේ දහස් ගණනක් වටිනා යුරෝ නෝට්ටු පාවී ආවේ කෙසේ ද යන්න සෙවීමට ඕස්ට්‍රියා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළ බව බීබීසී පුවත් සේවය පවසයි.

එකක් පසු පස එකක් මේ මුදල් නෝට්ටු ගංඟා ජලය මත පාවී ආවේය.

එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ පාවෙමින් තිබියදි සොයාගත් නෝට්ටුවල වටිනාකම යුරෝ 100,000 රුපියල් 15,200,000.00) බවයි.

එරට පොලිසිය පැවසුවේ නෝට්ටු සොයා ගත් ප්‍රදේශයෙන් අපරාධයක් වාර්තා වී නොමැති බවයි. මෙම මුදල්වල මූලාරම්භය කෙසේ සිදුවී ද යන්න පැහැදිලි නොමැති බව ද පොලිසිය කියයි.

ඕස්ට්‍රියා වාර්තා පෙන්වා දෙන්නේ යුරෝ 500 සහ 100 නෝට්ටු ව්‍යාජ ඒවායැයි  බලධාරින් මුලින් විශ්වාස කලත් දැන් ඒවා නියම මුදල් නෝට්ටු බව තහවුරු කරගෙන ඇත.

පිරිමි ළමයෙක් ගඟ දෙස බලාගෙන සිටිමින් සිය දිවි හානිකර ගැනිමට තැත් කරන්නේ යැයි සැක සිතී ඒ බව  වෙත වාර්තා කර තිබුනේ මෙම ගංගාව පසුකර යන පිරිස් විසිනි. නමුත් පසුව පෙනීගොස් ඇත්තේ මෙම ළමයා ගංඟාවේ පාවි යන මුදල් නෝට්ටු එකතුකර ගැනීමට උත්සාහ කරමින් සිටි බවයි.

ඔස්ට්‍රියාවේ යම් කෙනෙක් මුදල් අහම්බෙන් සොයාගෙන පොලීසියට භාර දුනහොත් ඔහුට එම මුදල් වලින් සියයට 5 – 10 ක අයිතියක් නීත්‍යානුකූලව හිමිවෙයි.

නමුත් මෙම මුදල් වල අයිතිකරු වසරක කාලයකදී හමුනොවුනහොත් මුදල සියල්ල මෙම ළමයාට  භාරදීමට නියමිත බව ඔස්ට්‍රියාව ප්‍රකාශ කරයි.

Austria 1 Austria 2 Austria 4



අදහස් (0)

ගඟ දිගේ සල්ලි ගලයි

මෙවන් Wednesday, 09 December 2015 05:00 AM

පුදුම වැස්සක් වහින්නේ දැන් හවසට හරිම අපහසුවට පත් වෙනවා (ම)

:       0       0

කල්දේරා Thursday, 10 December 2015 04:43 AM

මටත් ඊයේ පාරේ තිබිලා රුපියලක් හම්බුණා (බ)

:       0       0

ඉනෝකා Tuesday, 08 December 2015 02:05 PM

ඉතාමත් වාසනාවන්ත ළමයෙක්.සල්ලි දෙයියන්ගේ මල්ලි කියන නිසා අහසින්වත් වැටුනාදෝ.....? (බ)

:       0       0

රොෂාන් Wednesday, 09 December 2015 08:14 AM

ලංකාවේ කෑළණි ගඟෙනුත් කාලයක් රත්තරන් කුඩු මතු වුනේ (බ)

:       0       0

ඈන් Wednesday, 09 December 2015 06:13 PM

කවුරුහරි සල්ලි වැඩි කෙනෙක් පිනට දෙන්න හිතපු ක්‍රමයක් වෙන්න ඇති. (නි)

:       0       0

සශිකාන්ත් Tuesday, 08 December 2015 03:52 PM

අනේ ඒ ළමයා මම වත් වුනානම් .....?(බ)

:       0       0

රවිදු Tuesday, 08 December 2015 10:53 PM

අපේ හිටපු කවුරුහරි දේශපාලකයෙකුගේ කළු සල්ලිද දන්නෙ නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 December 2015 01:43 AM

අපේ කෙනෙක් නම් පාකරයි මෙන්නම කියලා (නි)

:       0       0

සොපි Wednesday, 09 December 2015 04:48 AM

අනේ දෙවියනේ .....මටත් අහසින් සල්ලි මල්ලක් කඩාගෙන වැටෙන්න සලස්වනු මැනවි ... ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site