ගූගල් ආකාශ සිතියම් උපයෝගීකැර ගනිමින් ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් අනාවරණය කැර ගැනීමට හෝවර්ඩ් ජෝන්ස් නමැති විශ්‍රාමලත් නාවික නිලධාරියකු සමත්ව සිටියි. ඔහු සොයාගෙන ඇත්තේ එංගලන්තයේ ඩෙවෝන් හි ප්ලිම්ස්ටෝක් ප්‍රදේශයෙන් මේ භූමිය සොයාගෙන ඇත.
හෝර්වර්ඩ් ජෝන්ස් විසින් තම අන්තර්ජාල පර්යේෂණය මගින් නිවැරදිව ඔප්පු කර ඇත්තේ වසර 5000 කට පැරණි ගිනිගල් මෙවලම් සහ ජනාවාසයක් වු බවට සාක්ෂි මෙතැන ඇති බවයි.
චන්ද්‍රිකා ඡායාරූප උපයෝගි කරගෙන ප්‍රාග් ඓතිහාසික මිනිසෙකුට ආහාර,ජලය සහ නවාතැන් ලබාදීමට සුදුසු භූමිය ඔහු අධ්‍යයනය කැර ඇත. පොළොව යට ඇති ලෝහ පරීක්ෂාකරන උපකරණයකින් මේ ස්ථානය වැඩිදුරටත් අධ්‍යයන කිරීමේ දී තමන්ට අබිලි ලෝහ, හා මැටි භාණ්ඩ කැබලි හා ගිනිගල් උපකරණ සොයාගත හැකිවූ බව ද හෙතෙම පවසයි.
පුරාවිද්‍යාඥයන් විසින් එතැන කැණීම් ආරම්භකැර ඇත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ අතීත යකඩ යුගයට මේ ස්ථානය නෑකම් කියන බවයි.
ඩෙවොන් ප්‍රාන්ත පුරාවිද්‍යාඥ බිල් හෝර්නර්ට මේ ගැන දැනුම් දීමෙන් පසු ඔහු පොළොව විනිවිද පිරික්සා බලන උපකරණ යොදා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් පසු කැණීම් ආරම්භ කැර ඇත.
මේ ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගොවිපොළ ගොඩනැගිලි සැකිළි දෙකක් මේ ස්තානයේ වැළලී ඇතැයි ද එතැන ඇති අනෙක් ජනාවාස වසර 1500ක් හෝ 2000ක් තරම් ඈතට දිවයන රෝමානු ඉදිකිරීම් විය හැකි බවත් හෝර්නර් පවසයි.
කෙසේ වෙතත් ගූගල් භූමි සෝදිසියෙන් ලබාගත් දර්ශන අනුව පැරණි මාර්ගයක්, කුටියක් හා ලෝහ කර්මාන්ත සඳහා යොදාගත් වළක් සොයාගෙන ඇත.
පැරණි ජනාවාසය සොයාගත් හෝවර්ඩ් ජෝන්ස් නාවිකයකුව සිටියදී වසර 300ක් පමණ පැරණි ඕලන්ද නැවක් සොයා ගැනීමට සමත්වූයේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ සොයාගැනීමක් (නි)
බොහොම හොදයි. (අ)