ගූගල් ආකාශ සිතියම් උපයෝගීකැර ගනිමින් ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් අනාවරණය කැර ගැනීමට හෝවර්ඩ් ජෝන්ස් නමැති විශ්‍රාමලත් නාවික නිලධාරියකු සමත්ව සිටියි. ඔහු සොයාගෙන ඇත්තේ එංගලන්තයේ ඩෙවෝන් හි ප්ලිම්ස්ටෝක් ප්‍රදේශයෙන් මේ භූමිය සොයාගෙන ඇත.
හෝර්වර්ඩ් ජෝන්ස් විසින් තම අන්තර්ජාල පර්යේෂණය මගින් නිවැරදිව ඔප්පු කර ඇත්තේ වසර 5000 කට පැරණි ගිනිගල් මෙවලම් සහ ජනාවාසයක් වු බවට සාක්ෂි මෙතැන ඇති බවයි.
චන්ද්‍රිකා ඡායාරූප උපයෝගි කරගෙන ප්‍රාග් ඓතිහාසික මිනිසෙකුට ආහාර,ජලය සහ නවාතැන් ලබාදීමට සුදුසු භූමිය ඔහු අධ්‍යයනය කැර ඇත. පොළොව යට ඇති ලෝහ පරීක්ෂාකරන උපකරණයකින් මේ ස්ථානය වැඩිදුරටත් අධ්‍යයන කිරීමේ දී තමන්ට අබිලි ලෝහ, හා මැටි භාණ්ඩ කැබලි හා ගිනිගල් උපකරණ සොයාගත හැකිවූ බව ද හෙතෙම පවසයි.
පුරාවිද්‍යාඥයන් විසින් එතැන කැණීම් ආරම්භකැර ඇත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ අතීත යකඩ යුගයට මේ ස්ථානය නෑකම් කියන බවයි.
ඩෙවොන් ප්‍රාන්ත පුරාවිද්‍යාඥ බිල් හෝර්නර්ට මේ ගැන දැනුම් දීමෙන් පසු ඔහු පොළොව විනිවිද පිරික්සා බලන උපකරණ යොදා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් පසු කැණීම් ආරම්භ කැර ඇත.
මේ ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගොවිපොළ ගොඩනැගිලි සැකිළි දෙකක් මේ ස්තානයේ වැළලී ඇතැයි ද එතැන ඇති අනෙක් ජනාවාස වසර 1500ක් හෝ 2000ක් තරම් ඈතට දිවයන රෝමානු ඉදිකිරීම් විය හැකි බවත් හෝර්නර් පවසයි.
කෙසේ වෙතත් ගූගල් භූමි සෝදිසියෙන් ලබාගත් දර්ශන අනුව පැරණි මාර්ගයක්, කුටියක් හා ලෝහ කර්මාන්ත සඳහා යොදාගත් වළක් සොයාගෙන ඇත.
පැරණි ජනාවාසය සොයාගත් හෝවර්ඩ් ජෝන්ස් නාවිකයකුව සිටියදී වසර 300ක් පමණ පැරණි ඕලන්ද නැවක් සොයා ගැනීමට සමත්වූයේය.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගූගල් සිතියමෙන් ආදි කල්පිත ජනාවාස සොයාගනී
ටෝනි Monday, 27 October 2014 03:38 AM
හොඳ සොයාගැනීමක් (නි)
ජිත්මල් Monday, 27 October 2014 02:41 PM
බොහොම හොදයි. (අ)