ගූගල් සිතියම සඳහා ස්ට්‍රීට් වීව් සේවාව ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාවේ වීදි දර්ශන ඇතුළත් කිරීම වැළැක්වීමට එරට රජය පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි කියති. එරට වීදි, ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි, හෝටල් ආදිය විවිධ කෝණයන්ගෙන් ඡායාරූප ගත කිරීමට නියමිතව තිබුණද ඉන්දීය ඔත්තු සේවා පෙන්වා දී ඇත්තේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
ලොව තවත් රටවල් කිහිපයක්ද ගූගල් වීදි දර්ශන සඳහා විරෝධය දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මුම්බායි නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවට ඡායාරූප ගත කිරීමක් සිදු කර ඇතැයි ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබූ අතර ත්‍රස්තවාදීන්ට සිය ඉලක්ක කරා පහසුවෙන් ළඟාවීමට ගූගල් ස්ට්‍රීට් වීව් ක්‍රමවේදය උදව්වක් බව ඇතැමුන් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එයාලගේ රටේ ඇත්ත ලොවට පෙනෙන නිසා වෙන්න ඇති. ඔය වගේ අපිරිසුදු රටක් තව මේ ලොවේ නැත (නි)
අපේ රටේ නම් විදි දර්ශන ඉතාමත් අලංකාරයි. මේවා ඉන්දියානුවන් දකින්න ඇති. ඔවුන් තමන්ගේ රටේ විදි දර්ශන දෙන්න අකමැති ඇයි කියලා හිතාගන්න පුළුවන්. ගුගල් වලින් ඒවායේ තියන අප්‍රසන්න අපිරිසිදු සහ මිනිසුන්ගේ අවිචාර ක්‍රියා ලෝකෙටම යන නිසා. (නි)
ඉන්දියාවේ යම් තරමකට හරි පිරිසිදුවට තියෙන්නේ එහි සිනමා කර්මාන්තයයි. ඒකටත් හේතුව, බොහෝ ඒවා රූගත කරන්නේ විදේශ වලට ගොස් නිසයි. (නි)
විදි දර්ශන විතරක් නොව ගංගා සහ මුහුදු වෙරළ දර්ශනද මෙම තහනමට ඇතුළත් වියහැක. (නි)
මමත් මෑතකදී ඉන්දියාවේ සංචාරයක් කළා , විදි දර්ශන ඇතුලත් නොකිරීම ඉතා හොඳය , සමහර විදි දර්ශන වමනේ ඔක්කාර යන තරමට , සමහර විදි දර්ශන අශෝබන ඒවා , එහෙත් සමහර පැතී බටහිර නගර වාගේත් තියෙනවා (බ)
කොහොමත් ඉන්දියාවේ ඉන්නේ බක පණ්ඩිතයෝ (බ)
මේක ආරක්ෂාව සම්බන්ද දෙයක් නෙමේ. ඉන්දියාවේ තත්ත්වේ ලෝකෙන් වසන් කරන්න කරපු දෙයක්. (හේ)
ආරක්ෂාවද නැත්නම් පාරේ මළපහ කරන ඒවා වැටෙයි කියලද, අනේ අපි නොදන්න ඉන්දියාව. (බ)
ඉන්දියාවේ වීදි දර්ශන බොහෝවිට ඒවා නුපුරුදු මිනිස් ඇසට පිළිකුලක් දනවන ඒවා. එමඟින් එම රටට නොගිහින් වුණත් වීදි දර්ශන බලා එම රටට එන සංචාරකයන් අඩුවීමත්, රටට අපකීර්තියක් සිදුවීමත් වැළැක්වීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති (නි)
ගමගේ, ඔයා කියන දේ හරියටම හරි (නි)
ඒක හොදයි.ආරක්ෂාව සම්බන්ධයෙන් හොද තිරණයක් අරන් තියෙන්නේ.(හේ)
පළවෙනි රූපරාමුවෙන් රේල්පාරේ පෙළට ඇනතියාගෙන ඉඳගෙන ඉන්න දර්ශනයක් දර්ශනය වුණාද දන්නෙ නැහැනේ. ඊටපස්සේ වැඩේ තහනම් කරන්න ඇති (නි)
මම හිතන්නේ එහෙම ප්‍රශ්නයක් තමයි ගමගේ. (නි)