ගූගල් සිතියම සඳහා ස්ට්‍රීට් වීව් සේවාව ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාවේ වීදි දර්ශන ඇතුළත් කිරීම වැළැක්වීමට එරට රජය පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි කියති. එරට වීදි, ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි, හෝටල් ආදිය විවිධ කෝණයන්ගෙන් ඡායාරූප ගත කිරීමට නියමිතව තිබුණද ඉන්දීය ඔත්තු සේවා පෙන්වා දී ඇත්තේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
ලොව තවත් රටවල් කිහිපයක්ද ගූගල් වීදි දර්ශන සඳහා විරෝධය දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මුම්බායි නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවට ඡායාරූප ගත කිරීමක් සිදු කර ඇතැයි ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබූ අතර ත්‍රස්තවාදීන්ට සිය ඉලක්ක කරා පහසුවෙන් ළඟාවීමට ගූගල් ස්ට්‍රීට් වීව් ක්‍රමවේදය උදව්වක් බව ඇතැමුන් කියති.
2025 නොවැම්බර් මස 04
582
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගූගල් වීදි දර්ශනවලට ඉන්දියාවෙන් වැට
සුසන්ත Friday, 10 June 2016 02:17 PM
අනේ එයාලගේ රටේ ඇත්ත ලොවට පෙනෙන නිසා වෙන්න ඇති. ඔය වගේ අපිරිසුදු රටක් තව මේ ලොවේ නැත (නි)
උපාලි Sunday, 12 June 2016 02:37 AM
අපේ රටේ නම් විදි දර්ශන ඉතාමත් අලංකාරයි. මේවා ඉන්දියානුවන් දකින්න ඇති. ඔවුන් තමන්ගේ රටේ විදි දර්ශන දෙන්න අකමැති ඇයි කියලා හිතාගන්න පුළුවන්. ගුගල් වලින් ඒවායේ තියන අප්‍රසන්න අපිරිසිදු සහ මිනිසුන්ගේ අවිචාර ක්‍රියා ලෝකෙටම යන නිසා. (නි)
ගැමුණු Saturday, 11 June 2016 05:26 AM
ඉන්දියාවේ යම් තරමකට හරි පිරිසිදුවට තියෙන්නේ එහි සිනමා කර්මාන්තයයි. ඒකටත් හේතුව, බොහෝ ඒවා රූගත කරන්නේ විදේශ වලට ගොස් නිසයි. (නි)
සංකල්ප Saturday, 11 June 2016 05:30 AM
විදි දර්ශන විතරක් නොව ගංගා සහ මුහුදු වෙරළ දර්ශනද මෙම තහනමට ඇතුළත් වියහැක. (නි)
නලින් යහම්පත් Sunday, 12 June 2016 07:10 AM
මමත් මෑතකදී ඉන්දියාවේ සංචාරයක් කළා , විදි දර්ශන ඇතුලත් නොකිරීම ඉතා හොඳය , සමහර විදි දර්ශන වමනේ ඔක්කාර යන තරමට , සමහර විදි දර්ශන අශෝබන ඒවා , එහෙත් සමහර පැතී බටහිර නගර වාගේත් තියෙනවා (බ)
සමීර Friday, 10 June 2016 03:25 PM
කොහොමත් ඉන්දියාවේ ඉන්නේ බක පණ්ඩිතයෝ (බ)
නාමල් Sunday, 12 June 2016 08:22 AM
මේක ආරක්ෂාව සම්බන්ද දෙයක් නෙමේ. ඉන්දියාවේ තත්ත්වේ ලෝකෙන් වසන් කරන්න කරපු දෙයක්. (හේ)
ගමගේ Friday, 10 June 2016 04:02 PM
ආරක්ෂාවද නැත්නම් පාරේ මළපහ කරන ඒවා වැටෙයි කියලද, අනේ අපි නොදන්න ඉන්දියාව. (බ)
සනත් ගුනවර්දන ස්විස් Friday, 10 June 2016 05:42 PM
ඉන්දියාවේ වීදි දර්ශන බොහෝවිට ඒවා නුපුරුදු මිනිස් ඇසට පිළිකුලක් දනවන ඒවා. එමඟින් එම රටට නොගිහින් වුණත් වීදි දර්ශන බලා එම රටට එන සංචාරකයන් අඩුවීමත්, රටට අපකීර්තියක් සිදුවීමත් වැළැක්වීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති (නි)
හේවාවිතාරණ Friday, 10 June 2016 06:29 PM
ගමගේ, ඔයා කියන දේ හරියටම හරි (නි)
සංජීව Saturday, 11 June 2016 09:43 AM
ඒක හොදයි.ආරක්ෂාව සම්බන්ධයෙන් හොද තිරණයක් අරන් තියෙන්නේ.(හේ)
ලලිත් Friday, 10 June 2016 06:59 PM
පළවෙනි රූපරාමුවෙන් රේල්පාරේ පෙළට ඇනතියාගෙන ඉඳගෙන ඉන්න දර්ශනයක් දර්ශනය වුණාද දන්නෙ නැහැනේ. ඊටපස්සේ වැඩේ තහනම් කරන්න ඇති (නි)
අබය Friday, 10 June 2016 10:23 PM
මම හිතන්නේ එහෙම ප්‍රශ්නයක් තමයි ගමගේ. (නි)