හීලියම් පිරවූ බැලූන යොදාගෙන අන්තර්ජාල සේවා ව්‍යාප්ත කිරීමේ තාක්ෂණයක් හදුන්වාදීමට ගූගල් සමාගම පර්යේෂණ කරමින් සිටී.
බැලූනවල රදවන සම්පේ‍්‍රෂක ආධාරයෙන් ලෝකයේ අතිදුෂ්කර ප‍්‍රදේශවලට පවා අන්තර්ජාල පහසුකම් ලබා දීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.සම්පේ‍්‍රෂකය සවිකරන ලද බැලූනය ඉහළ අහසට යවනු ලැබේ.පොළවේ ඇති තරංග ජනක හා එම සම්පේ‍්‍රෂකය රැහැන් රහිතව සම්බන්ධ වේ.අනතුරුව සම්පේ‍්‍රෂකය කි‍්‍රයාත්මක කළ විට එයින් විශාල ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි පොළවෙන් ලබා ගන්නා තරංග සම්පේ‍්‍රෂණය කරයි.
අන්තර්ජාල සේවා ලබාගැනීමට අවශ්‍ය වන්නෙක් වේ නම් සිදුකළ යුත්තේ මේ බැලූන සම්පේ‍්‍රෂකයෙන් නිකුත් වන තරංග ග‍්‍රහණය කර ගත හැකි අනාවරකයක් සිය නිවසේ වහලයේ සවිකර ගැනීමයි.එවිට සිත්සේ අන්තර්ජාලය පරිශීලනය කිරීමට හැකි වනු ඇතැයි පර්යේෂකයන් පවසයි.මේ බැලූන ගුවන්ගත කළ පසු පොළව හා කිසිදු අයුරකින් සම්බන්ධ නොවේ.එනිසා බැලූන නිදහසේ අහසේ පාවේ.බැලූනයෙන් බැලූනයටත් තරංග සම්පේ‍්‍රෂණය වන බැවින් අතිවිශාල ප‍්‍රදේශයක් එකවර ආවරණය කිරීමේ හැකියාව මේ තාක්ෂණයට තිබේ.
‘‘බැලූන අන්තර්ජාල සේවය‘‘ තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේය.මේ දිනවල අත්හදා බැලීමේ පියවරක් නවසීලන්තයේ කදුකර පළාත් වල කි‍්‍රයාත්මකය.
සාර්ථක වුවහොත් අන්තර්ජාල සේවා සැපැයීමට දුරකථන රැහැන්,ප‍්‍රකාශ තන්තු රැහැන් ඇදීම සදහා වැයකළ යුතු වන අති විශාල මුදල ඉතිරිකර ගත හැකි වනු ඇතැයි ගූගල් සමාගමේ අදහසයි.
තවද රැහැන් එළීම තබා ළගාවීම පවා දුෂ්කර ප‍්‍රදේශවල ජීවත් වන පුද්ගලයන්ටත් අන්තර්ජාලයෙන් ලෝකයා හා සම්බන්ධ වීමට අවකාශ ලැබෙනු ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගූගල් බැලුනයක් යවයි
බුද්ධික Tuesday, 18 June 2013 06:52 PM
ජීවන්. ඔබ කියනව "අපේ විශ්ව විද්‍යාල දරුවෝ නම් ඉතින් උද්ඝෝෂණ කරකර ඉන්නවා." කියලා, අපේ විශ්ව විද්‍යාලයේ තවම අපිට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ 10 මෙගාබයිට්ස් විතරයි. අපි ඒකත් බොහොම අමාරුවෙන් ගත්තේ උද්ගොෂණය කරලා තමයි. ඉතින් අපිද වැරදිද?(නදී)
චන්දන Tuesday, 18 June 2013 07:25 PM
බැලූනය පොලවට කිසිසේත් සම්බන්ධයක් නැත්තේනම් එය පාවෙන්නෙ වායුගෝලය තුල බැවින් වායුගෝලයෙ වායු තරංග වල බලපෑමෙන් මේවාවේ රැදවුම් ස්ථාන වලින් පාවීයාහැකී නේද? මෙයට වඩා මෙම කටයුත්ත චන්ද්‍රිකා හරහා කරගත නොහැකිද? (අ)
මාලක Tuesday, 18 June 2013 11:48 AM
එහෙ ඒ පරයේෂණ කරන අතරේ මෙහෙ කට්ටිය දැන්ම ඉදන් මේකෙන් බද්දක් ගහන හැටි ගැන පර්යේෂණ පටන් අරන් ඇති. (නි)
සිතිර Tuesday, 18 June 2013 11:53 AM
මේකේ තියෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණයේ මූලධර්මයමයි වගේ. නමුත් හොඳ අදහසක්. (නි)
දිනේෂ් Tuesday, 18 June 2013 12:17 PM
සුද්දා කොහොමත් වැඩ කාරයානේ (නි)
සංජීව Tuesday, 18 June 2013 12:19 PM
අපේ විශ්ව විද්‍යාල වල ඉන්න මොළ වලට සල්ලි වලින් උදව් කළා නම් අපිටත් මේ වගේ දේවල් ගැන පර්යේෂණ කරන්න තිබුනා (නි)
ජීවන් Tuesday, 18 June 2013 04:10 PM
අපේ විශ්ව විද්‍යාල දරුවෝ නම් ඉතින් උද්ඝෝෂණ කරකර ඉන්නවා. (නි)