ඇලස්කාවේ කත්මායි ජාතික උද්‍යානයේ ඇළක් තරණය කරන අළු වලස් පවුලක අපූරු ඡායාරූප කිහිපයක් ගැනීමට මසුන් ඇල්ලීමට සංචාරයේ යෙදෙන ජෝන් ලැංගලන්ඩ් සමත්ව සිටියි.

වලස්මව පිහිනා එගොඩ වෙද්දී ඇගේ පැටවු තිදෙනා පිට මත සමබරව සිටින අයුරු අපූරුය. ඔවුහු මවගේ පිට මත සමබරව නිසොල්මන්ව සිටිති. ලැංගලන්ඩ් මෙසේ කියයි.

‘‘ මේ දර්ශනය අපේ සිත් සසළ කළා. අම්මා දිය පහර තරණය කරනතුරු පැටවුන් නිශ්චලව සිටියා. අම්මා වරින් වර තම උරහිසට ඉහළින් පැටවුන් දෙස බලනවා අප දුටුවා. ඒ ඔවුන් නිරුපද්‍රිතව සිටිනවා ද කියා සැකහැර දැනගැනීමට විය යුතුයි. ඒ වගේ ම වතුරේ මැද නැවතී වතුරේ සිටගෙන පිට උඩ සිටි පැටවුන් ද සමබර කරගෙන අප දෙස බැලූ ආකාරය විශ්මජයනකයි. “

මාස කිහිපයක් වයසැති මේ පැටවුන් මුළුමනින් ම යැපෙන්නේ තම මව මතය. ඔවුහු මවගෙන් කිරි උරාබොති. ගොදුරු අල්ලා දෙන්නේ ද මව විසිනි.

ලැංගලන්ඩ් පවසන්නේ පිරිමි පැටවුන් දෙදෙනා වතුරේ ඒ මේ අත පනිමින් යම් යම් දේ ගවේෂණය කරමින් සිටිය ද ගැහැනු පැටවා වඩාත් කුලෑටීව මව අසළම රැඳී සිටි බවයි.

Gray bear (1) Gray bear (2) Gray bear (3) Gray bear (4) Gray bear (5) Gray bear (6) Gray bear (8) Gray bear (9) Gray bear (10)