ඇලස්කාවේ කත්මායි ජාතික උද්‍යානයේ ඇළක් තරණය කරන අළු වලස් පවුලක අපූරු ඡායාරූප කිහිපයක් ගැනීමට මසුන් ඇල්ලීමට සංචාරයේ යෙදෙන ජෝන් ලැංගලන්ඩ් සමත්ව සිටියි.
වලස්මව පිහිනා එගොඩ වෙද්දී ඇගේ පැටවු තිදෙනා පිට මත සමබරව සිටින අයුරු අපූරුය. ඔවුහු මවගේ පිට මත සමබරව නිසොල්මන්ව සිටිති. ලැංගලන්ඩ් මෙසේ කියයි.
‘‘ මේ දර්ශනය අපේ සිත් සසළ කළා. අම්මා දිය පහර තරණය කරනතුරු පැටවුන් නිශ්චලව සිටියා. අම්මා වරින් වර තම උරහිසට ඉහළින් පැටවුන් දෙස බලනවා අප දුටුවා. ඒ ඔවුන් නිරුපද්‍රිතව සිටිනවා ද කියා සැකහැර දැනගැනීමට විය යුතුයි. ඒ වගේ ම වතුරේ මැද නැවතී වතුරේ සිටගෙන පිට උඩ සිටි පැටවුන් ද සමබර කරගෙන අප දෙස බැලූ ආකාරය විශ්මජයනකයි. “
මාස කිහිපයක් වයසැති මේ පැටවුන් මුළුමනින් ම යැපෙන්නේ තම මව මතය. ඔවුහු මවගෙන් කිරි උරාබොති. ගොදුරු අල්ලා දෙන්නේ ද මව විසිනි.
ලැංගලන්ඩ් පවසන්නේ පිරිමි පැටවුන් දෙදෙනා වතුරේ ඒ මේ අත පනිමින් යම් යම් දේ ගවේෂණය කරමින් සිටිය ද ගැහැනු පැටවා වඩාත් කුලෑටීව මව අසළම රැඳී සිටි බවයි.
2025 නොවැම්බර් මස 04
386
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2169
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගං දියේ නොගිය දරු සෙනෙහස
ගයාන් ගමගේ Tuesday, 09 September 2014 05:17 PM
ලෝකයේ හොඳම දේ මවකගේ ආදරයයි. (ස)
රූපා Tuesday, 09 September 2014 06:10 PM
මිනිස් සත්වයා කෙතරම් සංවේදී වියයුතුද ? තම පැටවූ වෙනුවෙන් මේ තිරිසන් සත්වයා අපිට කියා දෙන්නේ ... තම දරුවන් තරම් මේ ලොව තවත් වටිනා වස්තුවක් මවකට නැති බවයි ..! (ස)
චමින්ද Wednesday, 10 September 2014 10:07 AM
ඉතාමත් සංවේදී ඡායාරූප පෙළක් (නි)
පියල් සමරකෝන් Tuesday, 09 September 2014 10:40 AM
ඉතාමත් සිතට ප්‍රිය උපදින දසුනක් (නදී)
දාන් Tuesday, 09 September 2014 10:46 AM
දරු සෙනෙහස නොදත් අයට ආදර්ශයක් වේවා. (නදී)
මල්කි Tuesday, 09 September 2014 10:45 AM
කියන්න වචන නෑ.ආදරය,ආදර්ශය,රැකවරණය,වීරිය,සියල්ල ගැබ්වෙලා. සතුන් රැකගන්න එකතුවෙන්න.(නදී)
අමිල නුවන් කුමාර Friday, 12 September 2014 02:07 AM
අම්මාගේ ආදරය තරම් තව දෙයක් තිබෙනවද? (නි)
නිකගොඩ Wednesday, 10 September 2014 10:57 AM
අම්මා කෙනෙකුට ඇති අති උතුම්ම වස්තුව තමන්ගේ දරුවන්ය (නි)
ගාල්ලේ Thursday, 11 September 2014 04:24 AM
ෆිල්ම් එකක් තියෙනවා ඔය වගේම, මරු, බෙයාර්ස් 2013. වලස් අම්ම කෙනෙක් පැටවූ රකින්න දෙන උත්සාහය තියෙන්නේ. (නදී)
චනික විජේසුරිය Wednesday, 10 September 2014 11:30 AM
අහසත් ලොකු නැහැ අම්මගේ සෙනෙහෙ තරම්.. මවකට නොමැත සම්පතක් දරුවෝ තරම් (නදී)
සේරම් Wednesday, 10 September 2014 04:40 AM
දක්ෂ ඡායාරූප ශිල්පියෙක් (නි)
සුමින්ද Thursday, 11 September 2014 06:34 AM
ලස්සන ආදර්ශවත් ඡායාරූප පෙළක් (නි)
ඉසුරන්දි Tuesday, 09 September 2014 01:41 PM
මේ සතුන්ගේ තිබෙන දරු ස්නේහය මිනිසුන්ටත් තියෙනවා නම්. (නි)
තිලාන් Tuesday, 07 October 2014 07:52 AM
ඇත්තෙන්ම ආකර්ශනීයයි (නදී)
සරත් Wednesday, 10 September 2014 06:57 AM
කොතරම් අපූරු මවු සෙනෙහසක්ද? මිනිසුනේ නුඹලට තේරෙන්නේ නැත්තේ ඇයි? (ස)
ගමගේ Tuesday, 09 September 2014 02:43 PM
සතුන්ට තිබෙන මව් සෙනහසවත් අපේ රටේ සමහර අම්මලාට නැහැ. (නි)
ශානිකා Wednesday, 10 September 2014 07:55 AM
ළමයින්ව වැසිකිලි වල පාලු ළිං වල දාන ගෑනුන්ට මේ වලස් අම්මගෙන් හොඳ ආදර්ශයක්. (ස)
විකී Tuesday, 09 September 2014 04:19 PM
අති විශිෂ්ට ඡායාරූප පෙළක්. මවකගේ සෙනෙහස මොනවට කියාපානවා (නි)