වික්ටර් රත්නායක සහ සුනිල් එදිරිසිංහ ඉදිරිපත් කරන සංගීත ප්‍රසංග දෙකක් මෙම සති අන්තයේදී ලන්ඩන් නුවර සහ බර්මින්හැම් නුවරදී පැවැත්වෙයි.

19  වැනි සෙනසුරාදා සවස 5.30 ට වුලිච්හි "ගේට්වේ" ශාලාවේදී පැවැත්වෙන එම ප්‍රසංගය නම් කර ඇත්තේ "ගී අමා" යනුවෙනි. එය පැවැත්වෙන්නේ එමලි ගුණවර්ධන අරමුදලට ආධාර ලබාගැනීම උදෙසාය.

"ගී අමා" නමින් ශ්‍රී ලංකාවේ සුප්‍රකට සංගීත ශිල්පීන් සහභාගි වන සංගීත ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත්වෙන්නේ තුන්වන වතාවට බව ඒ පිළිබඳව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වෙයි.

20 වැනි ඉරිදා සවස 3 ට බර්මින්හැම් නුවරදී පැවැත්වෙන සංදර්ශනය " රිදී රේඛා" යනුවෙන් නම්කර ඇත. බර්මින්හැම් ප්‍රසංගය පැවැත්වෙන්නේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ "එල්ගාර්" රඟහලේදීය.

වික්ටර් රත්නායක සහ සුනිල් එදිරිසිංහ සහභාගි වන සංගීත සංදර්ශනයක් බර්මින්හැම් නුවරදී පැවැත්වෙන මුල්ම අවස්ථාව මෙය බව එහි සංවිධායක වරුණ ලේල්වල පැවසුවේය.

සංදර්ශන සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති සුරේෂ් මාලියද්ද, නිහාල් කලුබෝවිල,මහේන්ද්‍ර පැස්කුවෙල්, රුක්ෂාන් ගුණවර්ධන, සහ ප්‍රියන්ත දිසානායක සමඟ ලන්ඩන් නුවර පදිංචි වාදන ශිල්පින් වන රන්සිත් මුද්දුව, ප්‍රසාද් ඔරිඇන්ඩෝ, අංජුල ගුණසේකර, නුවන් පෙරේරා, ගුණමිණි දිසානායක, ටිරෝන් එමරල්ඩ් සහ සංජිව ගුණසේකර සංගීතය සැපයීම සඳහා සහාය වෙති.