සිවුදින නිල සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් සහ බිරිඳ ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියහ. ඒ ප්‍රංශය සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40 ක් සපිරීම නිමිත්තෙනි.

ලී ජේ මියුංග්, දකුණු කොරියා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු විදෙස් සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙන්ම, ඔහු ප්‍රංශ​යේ නිල සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

පැරිස් අගනුවර ජනාධිපති මන්දිරය වන ඉලීසේ මාලිගාවට පැමිණි දකුණු කොරියානු ජනාධිපති සඑ බිරිඳ උණුසුම් ලෙස පිළිගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ බිරිඳ බ්‍රිජෙත් කටයුතු කළහ. හමුදා උත්තමාචාර ද පැවැත්විණි.

දෙරට අතර හොඳ හිත තර කර ගනිමින්, ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමට මැක්රොන් සහ ලී ජේ මියුංග් සාකච්ඡා පැවැත්වූහ. ඊට අමතරව ඇමෙරිකා ඉරාන යුද්ධය සහ ​ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් නැව් රගමනාගමනයට සිදුවුණු බාධා සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානයට ලක් විය.