කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් ප‍්‍රථම උපාධිය ලබාගෙන දැනට උතුරු ඇමරිකාවේ වාසය කරන උපාධිධාරීන් 200ට වඩා වැඩි සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ ආදි ශිෂ්‍ය සංසදය පිහිටුවීම පසුගියදා සිදුවිය.
මහාචාර්ය එල්.එම්.වී. තිලකරත්න මහතාගේ නායකත්වය යටතේ ආදි සිසුන් 20 දෙනකුගෙන් සමන්විත වූ කමිටුවක් පිහිටවූ අතර පළමු වරට උතුරු ඇමරිකාවේ වෙසෙන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආදි සිසුහු විද්‍යා පීඨයට සහයෝගය දැක්වීම අරමුණු කොටගෙන සුහද හමුවට ද සහභාගී වූහ.
60 දශකයේ පටන් පුරා දශක කිහිපයක් කොළඹ විශ්වවිද්‍යාලයේ සම්ප‍්‍රදායක් වශයෙන් පැවැත් වූ ‘‘තමාෂා’’ සංස්කෘතික ප‍්‍රසංගය පසුගිය සෙනසුරාදා උතුරු ඇමරිකාවේ නිව්ජර්සි ප‍්‍රාන්තයේ එඩ්සන් හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තානාපති ඒ.එස්. ඛාන් සහ ඔහුගේ බිරියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව සංසදයේ ප‍්‍රථම සභාපතිවරයා වශයෙන් තේරී පත් වූ මහාචාර්ය එල්.එම්.වී. තිලකරත්න මහතා පැවසූයේ සංසදයේ මූලික අරමුණ වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට මෙන්ම උතුරු ඇමරිකාවේ වෙසෙන ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ප‍්‍රයෝජනවත් සම්බන්ධතා සහ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීම බවයි.
පසුගිය කාලයේදී කොළඹ ආශි‍්‍රතව ඇති වූ ගංවතුර තත්වයෙන් අවතැන් වූ විද්‍යා පීඨ සිසුන්ට මුදලින් ආධාර කළ අතර ඔවුන්ට විද්‍යා පීඨයේ අධ්‍යාපනය අවසන් කරන තෙක් මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට ද සංසදය කටයුතු යෙදීය. මේ සඳහා පිහිටුවන ලද සංසදයේ ‘‘හදිසි ආපදා අරමුදල’’ ඉදිරි ඕනෑම හදිසි ආපදා අවස්ථාවක දී විද්‍යා පීඨයට සහයෝගය දැක්වීමට කටයුතු සලසා ඇත.
සංසදයේ තවත් ව්‍යාපෘතියක් වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප‍්‍රථම උපාධිය අවසන් කර පශ්චාත් උපාධි හැදෑරීම සඳහා උතුරු ඇමරිකානු විශ්වවිද්‍යාලවලට පැමිණෙන නවක සිසුන් හට උපදේශන සේවයක් පැවැත්වීමයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සියළුදෙනා එක්රොක් වී ලංකාවට විශ්ව විද්‍යාලයක් සදාදෙන්න (නි)
නිලන්ත, මොනවා කතා කලත් කමක් නැහැ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන නම් කතා කරන්න එපා. ඔය වචනේ ඇහෙන කොටත් අර රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ අයට උන ගැනිලා ඇති. අපිට නම් මුකුත්ම නැතිවට කමක් නැහැ. ලංකාවේ දොස්තර මහත්තුරුන්ගේ ළමයි ටිකට යන්න උසස් පාසලක් හදලා දීලා, ඒ අයට පහසුවට යන්න හොඳ වර්ගයේ වාහන ටිකක් ලංකාවට එවන්න. (ර)